“ජනතාවට එරෙහිව සිදුවන කිසිම ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් අපි නිහඬව ඉන්නේ නෑ”  – නාමල්

0
1


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (21) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් ජනතාවට ලබා දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

එමෙන්ම නව රජයේ ආර්ථික ප්‍රත්පත්තිය සහ අයි.එමි.එෆ් සම්බන්ධයෙන්ද දැඩි විමසිල්ලෙන් යුතුව බලා සිටින බවයි ඒ මහතා කියා සිටියේ.

අද (20) අනුරාධපුරයට පැමිණ ජය ශ්‍රී මහබෝධින් වහන්සේ හා රුවන්වැලිසෑය වැද පුදාා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැහැදිලි ජනමතයක් ලැබි තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා අවධාරණය කළේ, කුමන පුද්ගලයා මෙරට පාලනය කළද අවසානයේ සිදුවිය යුත්තේ මේ රට සංවර්ධනය කරා රැගෙන යාම පමණක් බවයි.

මේ එහිදී වැඩිදුරටත් අදහස් පළකල නාමල් රාජපක්ෂ මහතා,

“මේ රට ඉදිරියට යා යුතුයි ඒ සම්බන්ධයෙන් වත්මන් රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අපි වඩා සැලකිල්ලෙන් බලා ඉන්නවා.. ඒ සියල්ල ජනතා හිතවාදි විය යුතුයි.. ජනතාවට එරෙහිව සිදුවන කිසිම ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් අපි නිහඬව ඉන්නේ නෑ..



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here