එම නිල සාකච්ජාව ඊයේ (15) චීන මහජන ශාලාවේදී පැවති අතර ආර්ථික,සංස්කෘතික,දේශපාලන සබඳතා පිළිබඳ වැදගත් කරුණු රැසක් සාකච්ජා කළ බවයි ඒ පිළිබඳ කරුණු දක්වමින් සංචාරයට එක්ව සිටින අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ.
අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් ද ආර්ථිකය,අධ්‍යාපනය, මාධ්‍ය සහ සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.
චීන ආණ්ඩුව අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහය දීමට සහතික වී තිබෙන බවත් ඉදිරියේදී විශාල වැසි රැසක් රටට හිමිවනු ඇති බවත් විජිත හේරත් මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
ආශිකා බ්‍රාහ්මණ
Sri News Media