ගාලුමුවදොර පිටියේ ස්ථාපනය කර තිබූ ගෝඨා ගෝ ගමට පහර දුන් සිද්ධියේ නඩුවට අදාළව, ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන් වේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්, මෙම නියෝගය නිකුත්ටු කර ඇත.
ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අතර, එම සිද්ධියට සැකකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක ඇතුළු ඇප මත සිටින සැකකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර, මෙම සිදුවීමේ සැකකරුවන් ලෙස නම්කර සිටි ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙක් අද දින අධිකරණය හමුවේ පෙනී සිට නැත. ඔවුන් විදේශ ගතව සිටින බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැනුම්දී තිබුණි.
ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළ ඇති අතර, අදාළ නඩු විභාගය ලබන මාර්තු 26 වැනිදා දක්වා කල්තැබීමට කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළ බව වාර්තා වේ.
Sri News Media