නම් ගම් නොදා පත්තරේ ගියාට මොකද මේ කියන්නේ සමගි ජන බලවේගය ගැන කියලාත් ඒකේ ජාතික ලැයිස්තුවේ හිටපු මේ කියන කෝටිපති ව්‍යාපාරිකයා රත්න සහල් ව්‍යාපාරයේ අධිපති ලංකේෂ්වර මිත්‍රපාල කියලාත් දේශපාලන ලෝකයේ හැමෝම වගේ දන්නවා.
සමගි ජන බලවේගයේ පැත්තේ අය කතාවෙන විදියට නම් වෙලා තියෙන්නේ මේකයි …
ඔය කියන ව්‍යාපාරිකයාට පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් අරන් දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ සජබ තුළ බොහෝම ආන්දෝලනාත්මක චරිතයක් වෙච්චි ලක්ෂ්මන් ෆොන්සේකා ලු. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත්කිරීම ගැන සජබ ඇතුළේ හුටපටය යන වෙලාවේ අදාළ ව්‍යාපාරිකයා ලක්ෂ්මන්ට දිගටම දුරකථන ඇමතුම් ගත්තත් ඔහු ඒ එකකටවත් පිළිතුරු දීලාත් නැති ලු. අන්තිමේ සජබ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකම් ටික නිවේදනය කෙරුණේ ව්‍යාපාරිකයාගේ නම නැතිව. ඔය හින්දා හොඳටෝම මළ පැනපු ව්‍යාපාරිකයා පක්ෂ කාර්යාලයටම ගිහින් හොඳටෝම කෑ ගැහුවා කියලා තමයි ආරංචි.
ඔය සිද්ධියෙන් පස්සේ පහුගිය සති දෙකක් විතර තිස්සේම ලක්ෂ්මන් ෆොන්සේකා මිසින් ලු.
කොහොම වුණත් අදාළ ව්‍යාපාරිකයා ළඟදීම මාධ්‍ය හමුවක් පවත්වලා ඔක්කොම කියන්න සූදානමින් ඉන්නවා කියලාත් ආරංචියි.
Sri News Media