කොරියාවේ ඔලිම්පික් කමිටුවක් වගේම පොලීසියක් තිබෙන බව සහතික වෙයි

0
8


ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා ඉවත් වී ආචාර ධාර්මික කමිටුවේ පරීක්ෂණ පත්‍රිකා අනුව ක්‍රියා නොකිරීම නිසා ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවට ජාත්‍යන්තරයෙන් වාරණ පැනවෙමින් ඇත.ලේකම්වරයාට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වී ඇති චෝදනා ද ඇත.පොලීසියට ඉදිරිපත් වී ඇති චෝදනා ද ඇත.එහෙත් කිසිවක් නොවී පවතින්නේ නීතිමය අංශවල රටක ඔලිම්පික් කමිටුවකට විරුද්ධව ක්‍රියා කළ නොහැකි නිසා විය යුතුය යන්න,එම ආයතනවල දැඩි නිද්‍රාව නිසා සිතුණ දෙයකි.

එහෙත් කොරියාවෙන් එසේ නැති බවට සාක්ෂියක් මතුව තිබේ.කොරියාවේ නොමැති වුව ද ශ්‍රී ලංකාවේ නීතියෙ එවැනි ඉඩක් නොතිබෙන්නට ඉඩ ඇත.ඒ නිසා රටේ සමස්ත ඔලිම්පික් ක්‍රීඩාවන්ට මේ වන විටත් ජාත්‍යන්තරය දෙන ආධාර නවත්වා ඇති මොහොතක රටටම මේ ප්‍රශ්නය බලපාමින් උග්‍රව වැඩෙද්දිත් අදාළ ආයතන සුපුරුදු නිද්‍රෙවන්ම පසු වෙයි.චෝදනාවලට ලක්වන කොරියානු ඔලිම්පික් ලොක්කාව ඉවත් කර පසෙකින් තබා ඇත්තේ එහි සාමාජිකයෝමය.ඉන් සමහර පිරිසක් චෝදනා කර එලවා දැමීමට වඩා අදහස් කරන්නේ එම චෝදනා සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට මුහුණ දී වැරදි හෝ නිවැරදි වෙන තෙක් එම තනතුර නොදැරිය යුතු බවය.එහෙත් ලංකාවේ එසේ නැත.පිරිස එකතු වි මොන පරීක්ෂණයක්වත් නොකර ලේකම්වරයා පුටුවේ තබාගෙන ගරු සැළකිලි කරමින් සිටින්නේය.සමහර විට ලංකාවේ පොලිසි කොරියාවේ ආකාරයට ක්‍රියාත්මක නොවන ඉහළ තනතුරු දරන අයට මොන චෝදනා ආව ද ගෟරවයෙන් සළකන පිරිසක් නිසා කිසිදාක පරීක්ෂණයක් වැරද්දක් නොවන බවට ඇති විශ්වාසය නිසා ද විය හැකිය.

පහතින් දැක්වෙන්නේ කොරියානු ඔලිම්පික් ලොක්කා ගැන එරට පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය සහ එම ක්‍රියාවන්වලින් පිළිබිඹු වන එය ජාතික අවශ්‍යයතාවයක් කියන හැඟීමය.එය මෙරටින් දකින්නට නොලැබුණ ද,ලෝකයේ වෙන්නේ මෙහෙමයි කියා අවබෝධ කර ගැනීම සඳහා හෝ කියවිය යුතු ප්‍රවෘත්තියකි.

සෝල් මෙට්‍රොපොලිටන් පොලිස් ඒජන්සිය පසුගිය සතියේ කොරියානු ක්‍රීඩා සහ ඔලිම්පික් කමිටුවේ (KSOC) කාර්යාලය සහ ඔලිම්පික් ක්‍රීඩකයින් සඳහා වූ ජාතික පුහුණු මධ්‍යස්ථානය වටලා ඇත්තේ සංවිධානයේ ප්‍රධානියා පිළිබඳ අඛණ්ඩ විමර්ශනයේ කොටසක් ලෙස ය.

නුසුදුසු බඳවා ගැනීමේ පිළිවෙත්, අනුග්‍රහය දක්වන භාණ්ඩ පුද්ගලික භාවිතය සහ අයවැය වැරදි කළමනාකරණය ඇතුළු ලී කී-හියුන්ග්ට එරෙහි චෝදනාවලට අදාළ ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ස්ථාන අටක් සෝදිසි කර ඇත.

පසුගිය මාසයේ, Jincheon ජාතික පුහුණු මධ්‍යස්ථානය KSOC සහ පහසුකම් නඩත්තු සේවා සමාගමක් අතර 2023 දී අත්සන් කරන ලද වොන් බිලියන 7ක (යුරෝ මිලියන 3.4) කොන්ත්‍රාත්තුවේ අක්‍රමිකතා සම්බන්ධ චෝදනාවලට අදාළ සාක්ෂි සොයන ලදී.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here