කෙහෙළිය කැබිනට් සාමූහික විශ්වාසය කඩ කරලා – නීතිපති අධිකරණයට කරුණු දක්වයි

0
22


ඒ,ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළ නඩුකරය මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී කඳවු අවස්ථාවේදීය.

මෙම සිද්ධියට අදාළව හිටපු කැබිනට් ඇමතිවරුන්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබුණි.

ඒ අනුව නඩුව කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධීකරණයට දැනුම් දුන්නේ නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, බන්දුල ගුණවර්ධන, විජයදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, විදුර වික්‍රනායක, කාංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ, නලින් ප්‍රනාන්දු, ජගත් පුශ්පකුමාර යන හිටපු අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දී ඇත්තේ හදිසි ඖෂධ මිලදී ගැනීමට අවසර නොදුනහොත් සතියක් තුළ මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිය හැකි බවට එම කැබ්නට් පත්‍රිකාවේ සටහන්ව තිබුණු හෙයින් බවට සෙසු අමාත්‍යවරු සිය ප්‍රකාශ මඟින් පවසා ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධීකරණයට පවසන ලදී.

විශේෂයෙන් එහිදී දක්වා සිටි කරුණක් වූයේ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ලබා දී තිබුණු ප්‍රකාශයයි.

ඔහු පවසා ඇත්තේ කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමේදී එහි ඇතුළත් කරුණු තහවුරු කළ හැකි ලේඛන ඉදිරිපත් කිරීම අමාත්‍යාංශ ලේකම්වරයාගේ වගකීම වන අතර එමෙන්ම අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබඳ අමාත්‍යවරයා සෑහිමකට පත්වෙනවා නම් පමණක් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවටත්ය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here