ක්‍රීඩා ඇමති ඌරු මාළු ඌරාගෙ පිටේම තබයි

0
19


ඇති වී තිබෙන වත්මන් ඔලිම්පික් කමිටුව සම්බන්ධ ප්‍රශ්නයේ දී,ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අපූරු තිරණයක් ප්‍රකාශ කරන්නට යෙදිණි.ඒ අද ඔලිම්පික් ක්‍රීඩා ගෙස ලංකාවේ ක්‍රියාත්මක ක්‍රීඩාවන් කිහිපයක නියෝජිතයන් ක්‍රීඩා අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේය.
දැනට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සිය ස්ථාවරය ලෙස ප්‍රකාශ කර ඇත්තේ ආචාර ධාර්මික කමිටුව විසින් ගනු ලැබූ තීරණවලට එකඟව කටයුතු කරන ලෙසය.ඒ අනුව එහි දක්වා ඇති චෝදනා,නිර්දේශවලට අනුව පරීක්ෂණ පැවත්විය යුතු අතර ඒ සඳහා චෝදනා එල්ල වී ඇති වත්මන් ලේකම්වරයා ඉල්ලා අස්විය යුතුය.ගැටළුව ඔහු ඉල්ලා අස් නොවීමය.කොතැනකවත් ඔහු ඉල්ලා අස්වීමෙන් වැරදිකරුවෙකු වන බව,යළිත් ඔලිම්පික් වගකීම් දරන්නට නොහැකි බව පවසා නැත.පරීක්ෂණවලින් නිවැරදි බව පෙන්නා නිවැරදි විය හැකිය.සාධාරණය ඇත්තේ එතැන බව අයිඕසි ය සිය ස්ථාවරය කරගෙන ඇත.

දැන් මේ පුද්ගලයෙකු නිසා ලංකාවට දෙන ආධාර නැවතී ඇත.එහි ඉදිරි පියවරකදී ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවම ප්‍රතික්ෂේප කරන්නටත් ඉඩ ඇත.එහෙත් මේ සඳහා රටේ ආණ්ඩුවකට මැදිහත් වන්නට නොහැකිය.ඒ සඳහා අයිඕසී ය මැදිහත්ව ආණ්ඩුවකට කළ හැක්කේ කුමක්ද යන්න යෝජනා කරන්නේනම් පමණක් යමක් කළ හැකිය.ඒ මානයෙන් විමසා බැලීමේ වැරද්දක් නැති වුණත්,ක්‍රීඩා අමාත්‍යවරයා මේ ගැටළුවෙන් රටේ ආණ්ඩුව පිච්චෙන්න නොදී රට වැසියාට ලංකාවේ ක්‍රීඩා පරිපාලකයින් කවුරුන්ද යන්න දැන ගැනීමට තිරය විවර කර ඇත.

රටේම ඔලිම්පික් ක්‍රීඩා අනතුරේ තිබියදී,එක් පුද්ගලයෙකු වෙනුවෙන් එම ක්‍රීඩාව නොසළකා සිටින්නේ ද?මේ කාරණය සම්බන්ධයෙන් කල්පනා කර තීරණය කළ යුත්තේ රටේ ක්‍රීඩා හිනි පෙත්තටම ඔසවා තබන්නට වෙහෙසෙන බව කියමින් ක්‍රීඩා පරිපාලන තුළ වහසි බස් දොඩන පාලකයෝය.තවමත් ඔවුන්ට ස්වාධීනව තම ක්‍රීඩාවේ දක්ෂයන් විදේශ සංචාරයකට රැඟෙන යන්නවත් මුදල් නැත.එයටද ක්‍රීඩා අමාත්‍යංශයට අත පායි.
මෙවැනි පිරිස් හරියටම ලංකාවේ ක්‍රීඩාවට කැමති පිරිසටත් ඒ පරිපාලන තුළ සිටින වගකීම් සහගත පිරිසටත් හඳුනාගන්න පුළුවන් පරීක්ෂණයක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ලබා දී ඇත.මෙහිදී බල්ලා මියදෙනවාට බියෙන් දඟළන මැක්කන් කවුරුන්ද යන්න සහ එසේ නොවන අය කවුරුන්ද යන්න දැන ගැනීමේ වේදිකාවක් තනා ක්‍රීඩා අමාත්‍යවරයා වගකීම ඔවුන්ට පවරා සමාජයට හැසිරීම වීවෘතව දැකිය හැකි ඉඩක් සකසා ඇත.

ගැටළුව ඇත්තේ චෝදනා එල්ල වූ පමණින් වරදකරුවෙක් නොවන බව දැන දැනත්,චෝදනා සම්බන්ධ පරීක්ෂණයක් සඳහා බලපෑමක් විය හැකි තනතුරෙන් බැස ගොස් ස්වාධීන පරීක්ෂණයකින් නිවැරදිකරු නොවීමට උනන්දුවක් නොදැක්වීමය.එයින් ලංකාවේ ඔලිම්පික් ක්‍රීඩාව අනතුරට වැටෙන බව දැන දැනත්,පෙන පෙනිත්,පිරිසක් ඒ වැරදි ක්‍රමය වෙනුවෙන් පෙනී සිට සැකයට භාජනය වී තිබෙන පුද්ගලයා ආරක්ෂා කිරීමය.
පුද්ගලයා සැක කළ පමණින් වරදකරුවෙකු නොවන්නේය.දැනට ඇත්තේ සැකයට බඳුන්වන චෝදනාවන්ය.සැක සහිත පුද්ගලයන්ට වගකීම් පැවරීමට පිළිගත් සංවිධාන ව්‍යහුයක එකඟතාවය එන්නේ ඔහු එම සැකයෙන් නිදහස් වූ විටය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ලෝකයේ එවැනි ජාතික කමිටුවල පුද්ගලයින්ට එරෙහිව,ඔලිම්පික් කමිටුවට අදාළ නොවුණ,වෙනත් කේෂ්ත්‍රවල චෝදනාවට ලක් වූ අයට පවා එම අපකීර්තිය ඔලිම්පික් ව්‍යාපාරයට ගෑවීම වැළක්වීමට ඉල්ලා අස්වෙන ලෙස දන්වා ඇත.වසර ගණනාවක් ජාතික ඔලිම්පික් කමිටුවේ සිටින මැක්ස්වෙල් ද සිල්වා මේ ජාත්‍යන්තර තත්ත්වය දන්නේය.

ජාත්‍යන්තර ඔලිම්පික් ව්‍යාපාරය සතුව සිටිය යුත්තේ කීර්තිමත් පුද්ගලයින්ය.ඒ නිසා මේ අපකීර්තියට පත් චෝදනාවලින් ගැල නොවන තාක් සහ ආචාර ධාර්මික කමිටුවේ වාර්තාවන්ට අනුව කරනු ලබන පිළිගත් සහ විශ්වසනීය පරීක්ෂණ වාර්තාවකින් ගැලවීම ලැබෙන තෙක් ඔහු සිටියා හෝ නොසිටියා හෝ එම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව නිවැරදි පරීක්ෂණයක වාර්තා අනුව තීරණයක් ගන්නා තෙක් ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් අයිඕසී ය වැරදි හැඟීමෙන්ම තව දුරටත් වරප්‍රසාද කප්පාදු කරන්නට ඉඩ ඇත.

මෙහිදී අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ද එක්ව ගත් මේ තීරණය වැදගත්ය.ඊ ළඟ මොහොතේ සමාජය ජාත්‍යන්තරයෙන් ලංකාවට වැටෙන ඔලිම්පික් ක්‍රීඩා සම්බන්ධ සෑම වාරණයක්ම ක්‍රීඩා අමාත්‍යංශය නොව,ඔලිම්පික් ක්‍රීඩාව සහ රටේ ක්‍රීඩාව පාලනය කරන්නට ඒ ක්‍රීඩාවේ නියැලෙන පිරිස් විසින් පත් කර ගත් පුද්ගලයින් විසින් ගත් තීරණ බව දැන ගන්නවා ඇත.එවිට බොහෝ අයට සිය උස් අසුන්වලින් බැස,දමා ගත් ක්‍රීඩා ප්‍රේමී වෙස් මුහුණ ද ගලවා පසෙකින් තබන්නට සිඳුවෙනු නිසැකය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here