ක්‍රීඩා අමාත්‍යංශය ඔලිම්පික් කමිටුව හමුවීමෙන් ඉනික්බිති…

0
26


ජාතික ඔලිම්පික් කමිටුව පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ගනු ලැබ ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභිකයින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත කැඳ වූ අවස්ථාවේ ගත් තීරණ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය ගත් තීරණ ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත යොමු කර ඇත.එම මාධ්‍ය නිවේදනය පහතින් අලවා තබන්නට පෙර අවධානය මඟ හැරුණු හෝ එහි අවධානය යොමු කර මාධ්‍ය නිවේදනයට ඇතුළත් නොකළා ද නොදන්නා කරුණු කිහිපයක් එම සිඳුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතුව ඇත.

සාමාන්‍යයෙන් අපේ ආසන්න අත්දැකීම් සමඟ පවසන්නේනම් පසුගිය කාලයේ සිට ක්‍රීඩා අමාත්‍යවරුන්ට කරුණු කාරණා අවධාරණය කරමින් ක්‍රිකට්,පාපන්දු සහ රගර් තහනම් වෙමින් තිබෙන බවත්,ඒ සඳහා දේශපාලන බලපෑම් සිඳු නොකළ යුතු බවත්,එම බලපෑම්වල වෙනස් ඉවත් කර ගැනීමට මැදිහත්විය යුතු ආකාරයත් ලීවෙමු.
එහෙත් වගේ වගක් නොවිණ.අවසානයේ අප කී කරුණුම පදනම් කරගෙන එම ක්‍රීඩාවන් තුනම තහනම් විය.
ඉනික්බිතිව රගර් පරිපාලනයේ තාවකාලිකව ලැබුණ යතුර රැගෙන එහි සාදාකාලික උරුමක්කරුවා මෙන් හැසිරෙන්නට උත්සාහ දැරූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ක්‍රියා කළාපය ගැන අපි ලීවෙමු.ඔහුට පෞද්ගලිකව ද පෙන්වා දුන්නෙමු.අවසානයේ නීතිමය වශයෙන් සහ වත්මන් අමාත්‍යවරුන්ගේ සහ අමාත්‍යංශ ලේකම්වරයාගේ ද ආශිර්වාදය ඇතිව,අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට රගර් මැදිහත්වීම හකුළාගෙන එය පවතින ව්‍යවස්ථාව අනුව නිලවරණය පවත්වා,පත්වන පරිපාලනයට විසඳා ගන්නට දෙන්නට සිඳු විය.

මෙවැනි තීරණවල එම තීරණ ගන්නා අය එළැඹ සිටින්නේ සමහර විට එම තනතුරට පිටස්තර අයෙකු දක්වන අදහස්වලට අවනත වීම නුසුදුසු හෝ යම්කිසි ආකාරයක තමන්ගේ තත්ත්වය පහත හෙළිමක් සේ සමාජයට දැනෙනු ඇතැයි සිතා විය හැකිය.එහෙත් බලය විසින් ඇති කරන මානසික උත්තේජනයට පිට සිට බලන විට පෙනෙන පිංතූරයට වඩා දුර සිට බලන පිංතූරයට හසුවන කොණය විශාලය.එයට එම සිදුවීම මෙන්ම එහි අවට පළල් ඉඩ ද පැහැදිළිව පෙනෙන්නේය.අප කියන්නේ මෙහෙම කරන්න කියනවට වඩා එසේ නොකිරීමෙන් ඇති විය හැකි ප්‍රතිපල නිසා එම අවාසනාවන්ත ඉරණම ගැන අවධානය යොමු කිරිම වටින්නේය.

ඒ නිසා ක්‍රීඩා අමාත්‍යංශය මේ මොහොතේ ජාතික ඔලිම්පික් කමිටුවේ තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමඟ සාකච්ඡාවකට එළැඹිය යුතුය.ඒ පවතින අභ්‍යන්තරික අර්බූදයේ පෙනෙන්නට තිබෙන පාර්ශවයක හවුල්කරුවෙකු ලෙස නොවේය.එම අර්බූදය විසඳන්නට මැදිහත්කරුවෙකු වීමට ස්වාධීනව මැදිහත් වන්නේ කෙසේද යන්න විමසා දැන ගැනීමටය.

මෙම අර්බුදය වසරක පමණ කාල සීමාවක සිට පැන නැගෙමින් එන කාරණයක් බවත් එය ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ අභ්‍යන්තර පරිපාලන අර්බුදයක් නිසා ඉතා ඉක්මනින් විසදා ගැනීම වෙනුවෙන් ක්‍රියා මාර්ග ගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය.
ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව,ආසියානු ඔලිම්පික් කමිටුව තීරණයකට එළැඹ ඇත්තේ එහි අභ්‍යන්තරික අර්බූදයට පදනම් වූ ආචාරධාර්මික කමිටුවේ නිගමන ක්‍රියාත්මක නොවන තැනය.ඒ සම්බන්ධයෙන් ආසියානු ඔලිම්පික් කමිටුවේ ආචාරධාර්මික කමිටුවේ සභාපති දෙබෙන්ද්‍රනාත් සාරංගි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව අතර ශ්‍රී ලංකාව ගැන සාකච්ඡා වන ආකාරය පහත අයුරෙන් දක්වා ඇත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here