ක්‍රීඩාව මහින්ද සුළගෙන් සුන්බුන් වීම…

0
2


දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය පිටුපස තිබෙන දැවැන්ත දේශපාලන ඛේදවාචකයන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් සිදුවිය.ඒ එම ක්‍රීඩා සංකීර්ණය නිරීක්ෂණය සඳහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න  සහ යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සමඟ එක් වූ අවස්ථාවේදීය.

එහිදී මතුවූ වැදගත් කාරණාවක් වන්නේ මෙම ක්‍රීඩාංගනය ආරම්භයේ සිටම,මේ මොහොත දක්වා රටේ සමස්ත ක්‍රීඩාව කෙරෙහි රාජපක්ෂ රාජ්‍ය පාලනයේ අඳුරු සෙවනැලි විසිර පැතිර ඇති ආකාරයය.එම ක්‍රීඩා සංකීර්ණය සම්බන්ධයෙන් වැය කර තිබෙන මුදල් ප්‍රමාණය කොපමණ  ද යන්න මේ වනතුරුත් නොදන්නා කාරණයකි.

එසේම රාජ්‍යමය වශයෙන් කිසිදු වගකීමක් සැලසුමක් නොමැතිව ඒ වෙත යොමු කර ඇති රාජ්‍ය සම්පත් නිවැරදිව භාවිතයට නොගෙන,විනාශ කර තිබෙන බවත් මැනවින් පැහැදිළි විය.

මේ සමඟ ඇති මුද්‍රිත ලියවිල්ලක ඡායාරූප සටහනෙන්,පැහැදිළිව දැක ගත හැකි වන්නේ කලක් මේ ක්‍රීඩා සංකීරණය පරිපාලනය සඳහා  ක්‍රියාකළ,මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනමට අයත් නිලධාරි මඩුල්ලය.මේ නම් පෙළ දකිද්දි,රාජ්‍ය සේවය ඉහළින්ම,දේශපාලනය වෙනුවෙන් භාවිතා කළ,සහ රටේ ක්‍රීඩාවේ ස්වරූපය රාජපක්ෂ උවමනාවන් වෙනුවෙන් හසුරවන ලද පිරිස් ද සිටින බව පැහැදිළිය.

ක්‍රීඩා අමාත්‍යවරයා මේ වන විට ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් ගත් තීරණයේ දී,ක්‍රියාත්මක වූයේ,දේශපාලනික හැඩයක් එම තීරණයට සම්බන්ධ නොවන ලෙස,රටේ පවතින නීතියට අනුව යමින්ය.ඒ සිය තීරණයේ,නීතිමය හැඩය සුරැකෙන පරිදි,අවශ්‍ය නීති උපදෙස් නීතිපතිවරයා හරහා ලබා ගනිමින්ය.

මේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනමේ නිලධාරී සංයුතිය දෙස බැලීමේදී,අප නිරන්තරයෙන් සමාජගත කළ කාරණාවලට සාපේක්ෂව ගත් විට,සිය බලය වෙනුවෙන් තමන්ට අවස්ථාවක් නැති නිසා,ජාත්‍යන්තරය පවා භාවිතයට ගනිමින් සහ සිය දේශපාලන බල පුළුවන්කාරකම පදනම් කර ගනිමින් ක්‍රියා කළ පුද්ගලයන් දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් ඔවුන්ගේ  උවමනාවන් වලින් බැහැරව ක්‍රියාත්මක කරන්නට යාමේදී ඒ බල පුළුවන්කාරකම් භාවිතයටගනිමින්,තවමත් අන්තර්ජාතික වශයෙන් පවා කරණම් ගසන චරිත,දැක ගන්නට හැකිය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here