ක්‍රීඩාවටත් ක්ලීන් ශ්‍රී ලංකා…?

0
2


ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ ක්‍රීඩාව සම්බන්ධයෙන් සිතීම ද ක්ලීන් විය යුතුය.ක්ලීන් මිනිස්සු කුණු තවරා පසෙක තබා,කුණු සුදු අතුරා අසුන් ගත කරන තත්ත්වයන් ක්‍රීඩාවේද ඇත.

මේ සඳහා වන සරලම උදාරණය අපට හමුවන්නේ රගර් ක්‍රීඩාව ඇසුරේය.එහිදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන් දඬ ගසන තත්ත්වයට පත් කරමින්,එම දඩය ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර ආධාරවලින් අඩු කර ලංකාවේ රගර් සංවර්ධනයට වින කරපු අය,ව්‍යවස්ථානුකූලව පත් රගර් පරිපාලනයට උඩින් සිටින සේ තනතුරුවලට පත් කරේ මේ රටේ ඇමතිවරුය.තවත් ඇමතිවරු දේශපාලන උවමනාවන්ට රගර් හසුරුවා රගර් ණය කළ පුද්ගලයින් ජාතික ක්‍රීඩා සභාවේ හිඳුවා තැබීය.

ඇමතිවරු මේ අශුද්ධ බලවේග සමඟ එකතු වී ආසියාවට කඹුරමින් සහ ආසියාවෙන් ලංකාවේ ස්වාධීනත්වයට එල්ල කරන බලපෑමට එරෙහිව ආසියානු සභාපතිට පෞද්ගලිකව විරෝධය පළ කරමින් ලංකාව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා ආසියාව සමඟ එකතු වී තහනම් කර දැමීය.එම තීරණයට පාඩ එලුවා පමණක් නොව,ඔහුට යළි ඉඩක් නො‘එන සේ යම් යම් උඟුල් අටවන්නටද කුමන්ත්‍රණ කළේය.

පරීක්ෂණ වාර්තාවක්,චෝදනා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයාගෙන් කරන ලද කරුණු විමසීමක් නැතුව රටේ රගර් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයාට තහංචි දැමුවද,රටේ රගර්ලට වින කළ අය අමාත්‍යවරුන්ගේ සහ නිලධාරීන්ගේ දකුණු අත් කර ගත්තේය.අද හෝ මේවා ක්ලීන් කර සාධාරණය ඉටු කර රටේ රගර් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන්ට වින කළ ජාත්‍යන්තරය ප්‍රශ්න කළ යුතුය.

මලල ක්‍රීඩා
අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර වශයෙන් සහභාගි වීමට තිබුණු ක්‍රීඩා උළෙලවල් වැළකී ගියේය.ඊට හේතුව රටේ ක්‍රීඩාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නොවේය.අවශ්‍යය වීසා නිසිකලට ලබා ගැනීමට අවශ්‍යය කටයුත් නොකිරීමය.ඒ නිසා ශ්‍රී ලංකාවේ මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමට පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනයට තිබුණු මහඟු අවස්ථාව නැති විය.යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලටද මේ තත්ත්වය බලපෑවේය.එසේම ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට ද එම තත්ත්වයම බලපෑවේය.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියමයන්ට අනුකූල නොවන අන්දමට අවස්ථා කිහිපයක පාසල් සිසුවියන් සිටියදී අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජනය නොසළකා හැරියේය.වරක් ඒ සම්බන්ධයෙන් මලල ක්‍රීඩා සංගමය නොවී ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාව ගත් තීරණය වත්මන් නියෝජ්‍ය ඇමතිවරයා හා සමකාලීන වූ ක්‍රීඩිකාවකද සම්බන්ධ වී සිය කමිටුව විසින් තීරණය කළ ව එවකට බලධාරියා සේ සිටි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන මාධ්‍යයට කීවේ එය වරදක් හැටියට නොවේය.නිවැරදි බව අදාළ නිලධාරිණියගේ ක්‍රීඩා සමයේ අත්දැකීම් ද උලුප්පා දක්වමින්ය.ඇය ද සේවය කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේමය.

කෙසේ වුවත් රටක් වෙනුවෙන් ලොවක් අභිමුව පෙනී සිටින්නට සිය දක්ෂතාවයන්ගෙන් තේරී පත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිලධාරීන් යුහුසුළුව ක්‍රියා නොකළ නිසා විදෙස්ගත වීමට නොහැකි වීය.බාධා ඇති විය වැනි කරුණු ගැන සැරට කතා බස් සිඳු වුණ ද ඒවා සිව් අතට ඇඟීළි දිගු වෙමින් තිබී නිහඩ විය.ඇත්තටම එම වැරදි සිඳූ වූ අතීතය නිසා ලංකාවේ ක්‍රීඩාවේ අනාගතයට විශාල ලෙස හානි සිඳු වූ බව නොකියා බැරිය.ඒ නිසාම අනාගතයට ද වැරදි නොකර සිටීමට,රාජකාරිය පැහැර නොයවා සිටීමට ඒ ඇඟිළි දිගු වූ කුමන සංවිධාන ව්‍යහුයක වගකිවයුත්තන් සිටියත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම වටින්නේය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here