කණිෂ්ඨ බැඩ්මින්ටන්වලත් වත්තල ලයිසියම් ආක්‍රමණයක ලකුණු

0
2


මෙවර 52 වන වරටත් පැවති ජාතික කණිෂ්ඨ බැඩ්මින්ටන් සූරතාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය සහ සමාප්ත සමාචාර උත්සවය කොළඹ ශාන්ත ජෝෂ්ප විද්‍යාලයේ දී පැවත්වුණා.මේ වන විට කණිෂ්ඨ මලල ක්‍රීඩා කේෂ්ත්‍රයේ විශාල වෙනසක් ඇති කරමින් තිබෙන වත්තල ලයිසියම් විද්‍යාලය කාන්තා සහ පිරිමි යන දෙ‘අංශයෙන්ම අනු සූරතා දිනා ගනිමින් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ කණිෂ්ඨ අංශයද ආක්‍රමණය කිරීමේ පෙර ලකුණු පහළ කළා.
පිරිමි සූරතාවය මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සතු වුණ අතර කාන්තා සූරියන් බවට පත් වූයේ කොළඹ මියුසියස් විද්‍යාලීය ක්‍රීඩිකාවන්.දින පහක් පුරා පැවති තරගාවලිය ගල්කිස්ස ශාන්ත තෝමස්,මරදාන ශාන්ත ජෝෂප් සහ හෝමර් ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාංගණය ඇසුරේ පවත්වන්නට යෙදුණා.

මෙම තරගාවලියේ වයස් කාණ්ඩ අතර තරගවලදී වැඩි අවධානයක් දිනා ගත් අවුරුදු 19 න් පහළ තරගවලදී සූරතාවය දිනා ගන්නට සෙනුක් සමරරත්න සමත් වුනේ තෙදැස් වේරගොඩ ලකුණු 22-20 සහ 21-16 ලෙස තියුණු තරගයකින් පරාජය කිරීමෙන් පසුවයි.හම වයස් කාණ්ඩයේ බාලිකා සූරතාවය දිනා ගත්තේ සිතුකි ඔනාදි යි.අවසාන තරගයේ දී ඇයට පරාජය වී රුක්ෂිකා බාස්කරන අනු සූරිය වන්නට සමත් වුණා.

http://www.sportwaynews.com



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here