කට්ට කාලා ගත්තු මේ ආණ්ඩුව ආයෙ කපේකට පෙරළන්න අපි ඉඩ තියන්නේ නෑ – ඇමති විද්‍යාරත්න

0
30


ඉතාම දුක් විඳිමින් ලබාගත් මේ ආණ්ඩුව පෙරළා දැමීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“වංචා දූෂණ නවත්වනවා, අනිවාර්යයෙන්ම අපි රට තැනකට අරගෙන එනවා. ආපහු අපේ දරු පරම්පරාවට දුක් විඳින්නෙ නැති රටක් හදලා දෙන්න ඕනෙ. මේක අනිවාර්යයෙන්ම අපි මේ රට හදනවා. මේ ආණ්ඩුව ආයෙ කපේකට පෙරළන්න පුළුවන් විදියට අපි ඉඩ තියන්නෙ නෑ කියන කාරණය මම ඔබ තමුන්නාසෙලාට මතක් කරන්න කැමතියි. ඉතාම දුක් විඳලා විඳලා කට්ට කාලා 3% ඉඳලා අතාරින්නෙ නැතිව හදාගත්ත ආණ්ඩුව අතාරියි කියලාද හිතන්නෙ ? මේක අතාරින්නෙ නෑ ….”

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසුවේ බදුල්ල ප්‍රදේශයේදී පැවති රැස්වීමක් අමතමිනි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here