ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණියකට ඩොලර් ලක්ෂයකට අධික දඩයක්!

0
13


ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේදී මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිණියක් වන හිමාලි අරුණතිලකහට ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කර තිබෙන බව වාර්තා වේ. ඒ, ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්‍රියංකා ධනරත්න යන අයට අයුතු ලෙස සැලකීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් නියෝජ්‍ය මහ කොමසාරිස්වරියට ඩොලර් 117,028.80 ක දඩයක් ෆෙඩරල් අධිකරණය විසින් නියම කිරීමෙන් පසුවයි.

අදාළ සේවිකාව ශ්‍රී ලාංකිකයෙකු වන අතර , 2016 සිට 2018 දක්වා ඇයගේ කැන්බරා නිවසේ සේවය කර ඇති අතර, හිමාලි අරුණතිලක විසින් සිය සේවිකාවට නිසි ලෙස වැටුප් ගෙවා නොමැති බැවින් දින 60ක් ඇතුළත අදාළ දඩ මුදල ගෙවන ලෙසයි.

තවද, ඊට අමතරව ප්‍රියංකා ධනරත්න යන අයට ඩොලර් 374,151.90 ක වන්දියක් ගෙවීමට ද මීට පෙර හිමාලි අරුණතිලකට නියෝග කර තිබෙන බව වාර්තා වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here