ආන්දෝලානාත්මක ආකාරයට ගැටළු මැද්දේ ජාතික රගර් බී සූරතාවය දිනාගෙන ඒ කාණ්ඩයට පැමිණි ශ්‍රී ලයන්ස් කණ්ඩායම මාස්ටර් කාඩ් ඒ ශ්‍රේණියේ ජාතික සූරතාවලියේ සිය පළමු අත්දැකීම අමිහිරි පරාජයක් බවට පත් කර ගත්තේය.තරගය ආරම්භයේදී ශ්‍රී ලයන්ස් කණ්ඩායම පළමුවරට ලකුණු ලබා ගනිමින් ඉදිරියට ගියත් පළමු අර්ධය නිමවන විට මහනුවර කණ්ඩායම ලකුණු 27 – 14 ක් ලෙස ඉදිරියට පැමිණියේය.තරගයේ දෙවන අර්ධය සපුරා මහනුවර තනිව තරග කළ ස්වරූපයක් ගත් අතර ඔවුන් තවත් ලකුණු 34 ක් එක් කර ගනිද්දී ශ්‍රී ලයන්ස් කණ්ඩායමට එකඳු ලකුණකවත් ලබා නොඳුන්නේය.ඒ අනුව තරගයේ අවසාන ලකුණු තත්ත්වය 61 – 14 ක් ලෙස විය.
ශ්‍රී ලංකා රගර් කේෂ්ත්‍රෙය් ඉදරි පියවර සඳහා වැදගත් ධනාත්මක පියවරක් හැටියට ශ්‍රී ලයන්ස් බී කාණ්ඩයේ සිට ඒ කාණ්ඩයට ගෙන ඒම හැදින්විය හැකිය.එහෙත් එය රගර් පරිපාලනයකින් තොරව උසස් කිරීම ගැන තවමත් නොවිසඳුණ ගැටළුවක් ඇත.එසේම මේ ක්‍රමය යටතේ මේ වසරේ බී කාණ්ඩයේ සූර කණ්ඩායම ද ඒ කාණ්ඩයට පැමිණිය යුතුය.එවිට සිදුවන්නේ ප්‍රමිතියකින් තොරව ඒ කාණ්ඩයේ කණ්ඩායම් ප්‍රමාණය ඉහළ යාමය.ඒ වෙනුවට අප පළමුවම ශ්‍රී ලයන්ස් කණ්ඩායම ඒ කාන්ඩයට උසස් විය යුතු බව සාජුව ප්‍රකාශ කළ මාධ්‍යය හැටියට යෝජනා කළේ මෙය සම්ප්රදායක් ලෙස සිඳු විය යුතු බවත්,ඒ උසස් වීම වෙනුවෙන් ඒ කාණ්ඩයේ අන්තිමයා බී කාණ්ඩයට පැමිණිය යුතු බවය.
“ඒ යෝජනාවේ පරමාර්ථය ඒ කාණ්ඩයේ උසස් තත්ත්වය ඒ ආකාරයට පවත්වා ගැනීමය.එසේම බී කාණ්ඩයෙන් ඒ කාණ්ඩයට පැමිණිම සඳහා බී කාණ්ඩයේ ක්‍රීඩා සමාජවල ක්‍රීඩා රටාව ගුණාත්මක අතින් සහ දක්ෂතා අතින් ඉහළට එසැවීමට පෙළඹවීමය.එය රටේ රගර් ක්‍රීඩාවට ශ්‍රී ලයන්ස් හරහා හොඳ ගැම්මක් සහ දක්ෂතාවලින් ඉහළ ගැම්මක් ලබා ගැනීමය.“
ශ්‍රී ලයන්ස් ජාතික මට්ටමේ ඒ කාණ්ඩයේ පළමු අත්දැකීම ලබද්දී එම කණ්ඩායමේ ඉතිහාසයට පළමු උත්සාහක දිණුම්ලාභියා හැටියට එකතු වෙන්නට ඒරන් ප්‍රනාන්දු සමත් විය.එය මෙන්ම ඉනික්බිති රුමේෂ් රාමදාස් ලබා ගත් උත්සාහක දිණුම ද සමඟ ලබා ගත් උත්සාහක දිණුම් දෙකේම ප්රවර්ථන සාර්ථක කර ගැනීමට කෙවින් ඩික්සන්ට හැකි විය.
මහනුවර කණ්ඩායම ලබා ගත් ලකුණු 61 ට උත්සාහක දිණුම් අටක් ඇතුළත් විය.එම උත්සාහක දිණුම් අටෙන් හයක ප්‍රවර්ථනය සාර්ථක කර ගනිමින් සහ එක් උත්සාහක දිණුමක හිමිකරු වෙමින්ද,නිදහස් පහර තුනක හිමිකරු වෙමින් ද,මහනුවර කණ්ඩායමේ සුපුරුදු ලකුණු යන්ත්‍රය වන තරින්ද රත්වත්ත ක්‍රියාත්මක වූයේ ඔවුන් ලද ලකුණු 61 න් 26 ක හිමිකරු වෙමින්ය.ඉතිරි උත්සාහක දිණුම් පිළිවෙලින් මහනුවර කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළේ ඩිල්ෂාන් ෆරීඩ්,ශ්‍රී නාත් සූරියබණ්ඩාර,ධනුෂ්ක රංජන්,දැහැන් වික්‍රමාරච්චි,ඒතන් සයින්ඩර් සහ චතුර සොයිසා වෙති.
සිය පළමු පෙළ පළමු අත්දැකීමේ පළමු භාගයේ යම් වේලාවක් මහනුවරට ඉදිරියෙන් සිට තරග කරන්නට සමත් වූ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය,මෑත කාලයේ වඩාත්ම ඉහළ දස්කම් දක්වා තිබෙන ක්‍රීඩා සමාජය වන මහනුවර කණ්ඩායම සමඟ ඔවුන්ගේම ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු ආකාරය සුළු කොට තැකිය නොහැකිය.එය අනාගතය ගැන බලාපොරොත්තු තැබිය හැකි තත්ත්වයක්ය.
එසේම කළකට පසු අනු සූරයන් වූ මහනුවර කණ්ඩායමට ෆසිල් මරීජා එන්නත් කර තිබෙන හැකියාව ගැන ද,අන් කණ්ඩායම්වලට පහසු නොවන බවට අනතුරු හැඟවිමක් මේ තරගයේදී දැක ගන්නට ලැබුණා.පන්දුව හුවමාරුවේදී ඉතාම ඉහළ මට්ටමකින් එය සිඳු කරමින් කණ්ඩායම් හැඟීම ඉදරියෙන් තබා ගෙන ක්‍රීඩා කළ මහනුවර ආරම්භක තරගයේදීම එකිනෙකා අතර තබා ගත් අනොන්‍යය සම්බන්ධය ඉදිරියේදී සෙසු කණ්ඩායම්වලට කළ අනතුරු හැඟවීමක් ලෙස ගත හැකියි.
Sri News Media