එක එක අය දඟලයි. හැබැයි උතරේ ජනතාව ජාතිවාදය ප්‍රතික්ෂේප කර අවසන්!

0
19


ඒ, අද (19) අමාත්‍යාංශයේ වැඩභාරගැනීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය.

මේ මොහොතවන විටත් උතරේ ඇතැම් දේශපාලන කණ්ඩායම් ජාතිවාදී ප්‍රශ්න මතුකිරීමට උත්සහ කරමින් තිබුණද ජනතාව විසින් එය ප්‍රතික්ෂේප කර තිබෙන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

වාර පහකට කට නොඅරින ලෙස ජනතාව සංඥා කර තිබෙන හෙයින් ඉදිරියේදී ප්‍රශ්න ඇතිකිරීමට උත්සහ කරන අයට ජනතාව විසින්ම උත්තර දෙනු ඇතැයි ඔහු ප්‍රකාශ කරන ලදී.

මේ අතර මේක ජනතාවගේ ආණ්ඩුවක් බවත් එය රැකගෙන ඉදිරියට යාමේ වගකීමක් ජනතාවටත් ඇති බවත් ආණ්ඩුවේ සිටින්නේ මැජික්කරුවන් හෝ සියල්ල දත් අය නොවන හෙයින් සියලු දෙනා එකතුව ඉදිරියට යායුතු බව හෙතෙම අවධාරණය කළේය.

එමෙන්ම විශේෂයෙන් ධීවර අමාත්‍යාංශය ධීවරයින්ට අයිති ආයතනයක් වන හෙයින් පසුගිය කාලයේ පැවති ප්‍රශ්න පසෙකලා ධීවරයින් ඉදිරිගමනට සම්බන්ධ කරගන්නා බවද ඔහු පෙන්වාදුන්නේය.

මෙතෙක් කාලයක් පැවති දේශපාලන අතපෙවීම් ඉදිරියට සිදුනොවන අතර නිලධාරීන්ට වැඩ කිරීමට අවශ්‍ය නිදහස පවතින නමුත් එම නිදහස අයුතු ලෙස භාවිතා නොකරන ලෙසද අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here