අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (24) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී එක්ටා ගිවිසුම සම්බන්ධයෙන් රජයට එරෙහිව සිදුකරමින් පවතින මාධ්‍ය ප්‍රචාරයන්ට පිළිතුරු දෙමිනි.
එක්ටා ගිවිසුම පමණක් නොව ඕනෑම රටක්, ආයතනයක් සම්බන්ධයෙන් පවතින ගිවිසුම් සම්බන්ධයෙන් රජය ලෙස සාකච්ජා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
රටේ අවශ්‍යතාව කුමක්ද යන්න සලකා බලමින් ජනතා අභිලාෂයන් ප්‍රමුඛ කරගනිමින් රජය ලෙස කටයුතු කරන බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
ඇතැම් පිරිස් යම් යම් බිය සැක සංකා මතුකර තිබුණ අතර ඔවුන්ගේ අවශ්‍යතාව රට තුළ තවදුරටත් ආර්ථික වර්ධනය අඩපණ කිරීම බවයි ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ.
ආශිකා බ්‍රාහ්මණ
Sri News Media