උපත මත නොරැඳෙන ස්ත්‍රී පූරුෂ භාවය ක්‍රීඩාවේදීත් සුරැකෙයි.

0
21


කාන්තාවන්ගේ ප්‍රධාන ලිංගික හෝමෝනය හැටියට ගණන් ගැනෙන්නේ ඊස්ට්‍රජන්ය.පිරිමින්ගේ නම් ටෙස්ටෝස්ටොරොන්ය.මෙම හෝමෝන මගින් ශරීරයේ ප්‍රධාන භෞතික හා මානසික වෙනස්කම් ඇතිවේ. ඊස්ට්‍රජන් කාන්තාවන්ගේ ප්‍රධාන ලිංගික හෝමෝනය වන අතර ශරීරයේ බහු ආකාරයේ විකසනයට සහාය දක්වයි.සිතුවිලි රටාවෙන් කාන්තාවක සේ සිතන පිරිමියෙකු භෞතිකව කාන්තාවක ලෙස පරිවර්ථනය කරන්නට ඒ සංක්‍රාන්ති අවස්ථාවේදී ලිංග විච්ඡේදනයක් හෝ ශල්‍යකර්මයකින් වෙනසක් කිරිමේ තත්ත්වයකට පෙර සිඳු කරන්නේ හෝමෝන ප්‍රතිකරම මඟින් පිරිමියා ගැහැණියකගේ ශරිර සහ මානසික තත්ත්වයට ගෙන ඒමය.

මේ ලිංග වෙනස්වීම සඳහා කරන ශල්‍යකර්ම වැනි දේ සමහර විට මිල අධික විය හැකිය.තවත් විටෙක එහි ජීවිත අවදානමක් ඇතැයි පසුබාන්නට ඉඩ ද ඉඩ ඇත.එහෙත් වෛද්‍ය විද්‍යාවේද සහය ඇතුව උපන් ලිංගයෙන්ම කෙනෙකුට වෙනත් ලිංගික අනන්‍යතාවයකින් ඊට අවශ්‍ය්‍ය විද්‍යාත්මක ප්‍රතිකර්ම මත,ශරීර හෝමෝනවල අනන්‍යතාවය මත ජීවත්වීමට හැකිය.ඊට අභියෝග කිරීම.පරිවර්ථනය වූ පුද්ගලයාව හෝ පරිවර්ථන අපේක්ෂාවක් ඇති පුද්ගලයාව ප්‍රතික්ෂේප කිරීම හෝ සිඳු කිරීම නූතණත්වය මෙන්ම දියුණු සමාජ භාවිතාවක් ලෙස ගත නොහැකිය.

පිරිමි ටෙස්ටොස්ටොරොන් ගැන කතාව ද,කාන්තා ඊස්ට්‍රජන් කතාවද සමය.(Estrogen
and Testosterone) කාන්තාවක පිරිමියෙකු ලෙස සංක්‍රාන්තියට ළඟා වෙද්දී ද එම හෝමෝන තත්ත්වය පිරිමි අනන්‍යතාවයක් ඇති කරන ආකාරයට පිරිමින්ගේ ශරීරයට ඇතුළත් කිරීම සිඳුවන්නේය.ඒ නිසා මේ මොහොතේ ලෝකයේ කාන්තාවක ලෙස අනන්‍යතාවය සහතික කිරීම හෝ පිරිමියෙකු ලෙස සහතික කිරීම සිඳුවන්නේ භාහිරෙන් පෙනෙන කාන්තා සහ පිරිමි ශාරරික ලක්ෂණවලින් නොවේය.එය ක්‍රීඩාවේදී වඩාත් විද්‍යාත්මකව සළකා බැලීමක් ඇති කර තිබෙන ආකාරයක් දැකිය හැකිය.

අපට බොහෝ විට ක්‍රීඩාවේදී හමුවන්නේ පිරිමි තත්ත්වය පෙන්වන ක්‍රීඩිකාවන්ය.බොහෝ විට ඒ හුමවීම් සිඳුවන විටත් ඔවුන්ව හඳුනාගෙන කාන්තා ඉසව් සඳහා අනන්‍යවන ආකාරයට හෝමෝන ප්‍රතිකාර ලබා ගනිමින් ඇත.එම හෝමෝන තත්ත්වයේ ටෙස්ටොස්ටොරෝන් ප්‍රතිශතය වැඩිවීමක් ඇත්නම් ඇයට ඇය ලෙස තරග කිරීමේ අවස්ථාව අහිමි වන්නේය.

මේ ආකාරයට හෝමෝන ප්‍රතිකාරවලින් පිරිමි බව පාලනය කරන ක්‍රීඩිකාවන් ගැන අප දන්නා අතර 2020 දී නවසීලන්තයේ ලෝරල් හොබර්ඩ් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළේ පිරිමියෙකු ලෙස ඉපිද,ගැහැණියක වූ අයෙකු ලෙසය.සංක්‍රාන්ති සමාජය ලද ඓතිහාසික ජයක් ලෙස හැඳින්විය හැකි මේ මොහොත නවතාලීමට සම්ප්‍රදායික මිනිසුන් සංවිධානය වෙමින් බොහෝ උත්සාහ ගත්තත් ඒ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබුණු ශාරිරික සහ මානසික හැඩකල නිර්ණය කරන හෝමෝන තත්ත්වයන් හී දී හොබර්ඩ් සිටියේ කාන්තාවකට සුදුසු හෝමෝන සීමාවේය.

එහෙත් පිරිමි බර ඔසවන්නෙකු ලෙස ඔහු දක්වා තිබූ දස්කම් සැළකිල්ලට ගත් මිනිසුන් තව දුරටත් හොබර්ඩ්ගෙන් කිලෝ ග්‍රෑම් 87 බර පංතියේ කාන්තාවන්ට සිඳු විය හැකි අවාසිය පෙන්නා දුන්නේය.එම ඉසව්වේ කාන්තාවන්ද ගෙන විරෝධය අවුලුවා පැතිරී යන්නට හැරියේය.එහෙත් කාන්තා සිරුරකින් සහ මනසකින් හොබර්ඩ්ට පිරිමි සිරුරෙන් කළ වැඩය කරන්නට නොහැකි විය.ඔහුට ඉසව්වේ ස්ථානයක් හිමි නොවිණි.
ඒ නිසා ක්‍රීඩාවේදී ගැටළුකාරී තත්ත්වයකදී ගැහැණු සහ පිරිමි යන බෙදීම සිඳු කරන්නට අවශ්‍යය විද්‍යාත්මක අගයක් ඇත.ඒ නිසා විද්‍යාත්මකව තීරණය කෙරෙන ශරීරයක් සම්බන්ධයෙන් එකඟතාවක් සහ මිණුම් දණ්ඩක් ඇත.රුවුල් ගස්වලටවත්,ඇඳුම් අභ්‍යන්තරයට කිමිඳ අත ගා බලා,තිබෙන ලිංගේන්ද්‍රියටවත් පිරිමි ගැහැණු කියා වෙනස් කර දැක්විය නොහැකිය.ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටොරෝන් තීරණය කරන විද්‍යාත්මක ගැහැණිය සහ පිරිමියා ක්‍රීඩාවේ ගැහැණු පිරිමි අනන්‍යතාවය ලෙස ලෝකය පිළිගන්න තත්ත්වයකට ක්‍රීඩාවත් ලෝකයත් දියුණු විය හැකිය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here