රූපවාහිනී සංස්ථාවේ සභාපති සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා එම තනතුරින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඊයේ (දෙසැම්බර් 24) දිනයේදී මාධ්‍යවල පුවත් පළ වී තිබිණි.
ඒ මහතා මෙම තනතුරට පත්ව ගතවී තිබුණේ මාස තුනක් පමණි.
එහෙයින් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳ විවිධ කටකතා සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන ආකාරයක් ද දක්නට ලැබිණි.
කෙසේවෙතත් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ කරුණු පැහැදිලි කරමින් සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පවසන්නේ තමන් එම තනතුර භාරගත්තේ කෙටි කාලයක් සඳහා පමණක් බවයි. එසේම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීමක් අනුව නව වසරේදී තවත් ජාතික මට්ටමේ තනතුරකට තමන් පත්වන බවයි සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ.
ඒ මහතා පළ කළ සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.
2024.12.24 නත්තල් ලබන හවස අල්ලාප සල්ලාපය
Sri News Media