ඉරාක – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවට වසර 100ක් සැපිරීම නිමිති කර ගෙන ඉරාක තානාපති කාර්යාලය විසින් කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ සංවිධානය කර තිබූ උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය.
ඒ, ඉරාක ජනරජය විසින් මෙරටට පත් කරන ලද බලධරයා වූ Anmar A. A. Al-Emin මහතාගේ ගෞරවනීය ආරාධනය මත ය.
දිගු කාලයක් පුරා ඉරාකයත් ශ්‍රී ලංකාවත් අතර පැවැති ඒ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ඉදිරියටත් පවත්වාගෙන යාමට මෙය විශාල රුකුලක් වනු ඇතැයි තමන්ගේ විශ්වාසය බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.
Sri News Media