ඉන්දියාවේ සිට සහල් තොගයක් මෙරටට!

0
23


ඉන්දියාවේ සිට එම සහල් ආනයනය කර තිබෙන අතර ප්‍රමාදයකින් තොරව නිදස කිරීම සඳහා වරායෙන් වෙනම දොරටුවක්ද විවෘත කර ඇත.

ඒ අනුව මේ වන විට එම සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 1900ක් මුදාහැර ඇති බව සඳහන්.

එළඹෙන මහ කන්නයේ අස්වනු වෙළෙඳපොළට පැමිණෙන තුරු සහල් අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් පෞද්ගලික සහල් ආනයනකරුවන් විසින් සහල මෙට්‍රික් ටොන් 25000ත් 50000ත් අතර ප්‍රමාණයක් ආනයන කිරීමට පියවර ගෙන ඇති අතර රජයද කැබිනට් තීරණයක් අනුව සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව රටට අවශ්‍ය සහල් ප්‍රමාණය එලෙස ආනයනය කිරීමට කටයුතු කරන අතර අස්වනු වෙළෙඳපොළට පැමිණෙන තුරු එමඟින් තත්ත්වය කළමනාකරණය කරගත හැකි බවයි රජය පවසන්නේ.

ඒ අනුව ආනයනික සහල් සඳහා ද උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව ආනයනික කැකුළු සහල් කිලෝවක් අලෙවි කළ හැක්කේ රු.210ක මිලකටය. ආනයනික නාඩු කිලෝවක උපරිම සිල්ලර මිල රු.220කි. ආනයනික සම්බා කිලෝවක් අලෙවිකළ හැකි මිල වන්නේ රු.230ක්ය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here