ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක්!

0
4


අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී , ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම මාධ්‍ය සාකච්ඡාවට කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන අය සහභාගි වූ බව වාර්තා වේ.

එම සාකඡාවේදී නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශය පහතින් දැක්වේ.

ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය නිවේදනය

01. ආර්ථික ස්ථාවරත්වය
පසුගිය පාලකයන් විසින් නිර්මාණය කරන ලද අගාධයෙන් රට ගොඩගැනීම සඳහා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරලීම මූලික තැනක් ගනී. රජය බලයට පත්වන අවස්ථාවේදී, අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් විසින්ම ඒකපාර්ශ්විකව බාහිර ණය සේවා 2022 අප්‍රේල් මාසයේදී අත්හිටුවන ලද අතර, වසර 4ක කාලයක් තුළ වාරික 8ක් ලෙස ලැබීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 3ක පමණ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට ඇතුළත් වී ණය තිරසර විශ්ලේෂණයට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සිදු වූ ප්‍රමාද වීම සහ එහි වූ සංකීර්ණ ස්වභාවය නිසා රටට අමතර වියදම් දැරීමට සිදු වූ අතර ජනතාව මත අමතර බරක්ද පැටවිණි. කෙසේ වෙතත්, සමාජ, දේශපාලන හා ආර්ථික ඉදිරි දැක්මකට අනුව පවතින වාතාවරණයේ වාසි සහ අවාසි යන දෙකම සලකා බලා, රජය, රටේ ජනතාවගේ යහපත සඳහා වන විකල්ප සමඟ ඉදිරියට ගමන් කරමින් සිටී.

ඒ අනුව, වැඩසටහන් පරාමිතීන් හා රාජ්‍ය ආදායම් ක්‍රමවේදයන්ට අනුකූලව, සුදුසු මැදිහත්වීමකින් සහ කාලෝචිත පහසුකම් සැලසීමකින් 2024 නොවැම්බර් 26 වන දින තුන්වන සමාලෝචනයේදී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීමට රජයට හැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල

අනුමැතියට පෙරාතුව, EFF හි මීළඟ වාරිකය ලබා ගැනීම සඳහා රජය, අවශ්‍ය පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටී.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here