ආරවුල් වළක්වන්න රාජ්‍ය අංශයට නව යාන්ත්‍රණයක්!

0
77


සමස්ත රාජ්‍ය සේවය තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් , රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්විම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වාදිමට කැබිනට් මණ්ඩලය තිරණය කළ බව වාර්තා වේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික සහ විශේෂඥ සහය ලබාගැනිමටද අනුමැතිය හිමිවුණු බව සඳහන් වේ.

රාජ්‍ය සේවයේ සමාජ කතිකාවත වැඩසටහන හා පෞද්ගලික හා අවිධිමත් ආර්ථික අංශ දෙකෙහි සමාජ කතිකාවත ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 2 ක ආධාර හිමිව තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව වැඩසටහන 2024 /2026 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරිම සදහා අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුවුණ බව පැවසේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here