ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතර පෙරේදා (දෙසැම්බර් 20) ඔවුන් පාර්ලිමේන්තුවට ගොස් පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසකගෙන් ප්‍රශ්න කර තිබිණි.
එහිදී අනාවරණය වී ඇත්තේ හර්ෂණ නානායක්කාර මහතාගේ නමට ඉදිරියෙන් ආචාර්ය පදවියක් යොදා ඇත්තේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක සඳහන් තොරතුරු මත බවයි.
එම ලිපිය නිකුත් කර ඇත්තේ සභානායක ලේකම්වරයා විසිනි.
පාර්ලිමේන්තුවේ සභානායකවරයා වශයෙන් කටයුතු කරන්නේ අමාත්‍ය බිමල් රත්නායක මහතා ය.
ඒ අනුව, දැනට පෙනෙන්නට ඇත්තේ ආණ්ඩු පක්ෂයේම අමාත්‍ය හර්ෂණ නානායක්කාර CIDයට කළ පැමිණිල්ල නිසා ආණ්ඩු පක්ෂයේම සභානායක, අමාත්‍ය බිමල් රත්නායකගේ ලේකම්වරයකු අමාරුවේ වැටෙන්නට යන බවකි.
Sri News Media