ආචාර්ය උපාධියේ ප්‍රශ්නය මැදට නාමල්ගේ නීති විභාගයේ ප්‍රශ්නයත් එයි!

0
29


නාමල් රාජපක්ෂ මහතා නීති විභාගයට පෙනී සිටියේ වංචනික ආකාරයෙන් වන අතර ඔහු වායු සමීකරණය කරන ලද කාමරයක සිට නීතිඥවරුන් දෙදෙනෙකුගේ සහය ඇතිව නීති විභාගය ලියා ඇති බවට සාක්ෂි ලබා දීමට ද තැනැත්තෙක් සිටියදී ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස අල්ලස දුෂණයට එරෙහි පුරවැසිබලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා විසින් අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

නාමල් රාජපක්ෂ මහතා විසින් නීති උපාධිය අරන් ඇත්තේ වංචනිකව නම් වහාම එය අහෝසි කිරීමට කටයුතු කළ යුතුවන අතර ඊට සම්බන්ධ වූ නිලධාරීන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක බ්විය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

එම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාරගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here