අසීමිත බලයක් කියන්නේ වගකීමක්.එය ආරක්ෂා කරන්න – ජනපති නව කැබිනට් මණ්ඩලයට අවධාරණය කරයි

0
19


ඒ, අද (18) අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව පිරිස අමතා කළ කතාවේදීය.

ලංකා ඉතිහාසයේ දේශපාලන සිතියම වෙනස් වූ බවත් තව දුරටත් බෙදීමේ දේශපාලනයක් අවශ්‍ය නොවන බව මෙවර මැතිවරණයෙන් පෙන්නුම් කළ බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

විශාල උද්යෝගයකින් මෙවර මැතිවරණයේ දී ජනතාව නැඟිට සිටියේ ඔවුන් විඳගෙන සිටි පීඩාව නිසා බව පැවසු ජනාධිපතිවරයා තවදුරටත් කියාසිටියේ මෙම මැතිවරණයේ ප්‍රතිඵලය යනු ඔවුන්ගේ නිදහස් ආමන්ත්‍රණය බවයි.

එහෙයින් පුරවැසියන්ට අඩ නිදහසක් දීමට කිසිවිටෙකත් බලාපොරොත්තු නොවන අතර පුනරුද යුගයකට ශ්‍රී ලංකාව රැගෙන යා යුතු බව හෙතෙම අවධාරණය කරන ලදී.

”අපි විශ්වාස කරනවා බලය කියන්නේ විශේෂ දෙයක්. බලය විසින් බලය උත්පාදනය කරනවා, බලය විසින් බලය ප්‍රසාරණය කරනවා. බලය විසින් බලය යළි යළි වර්ධනය කරනවා. හැබැයි සමහරු කියනවා බලය දූෂිතයි, අසීමිත බලය අසීමිත ලෙස දුෂිතයි. ඔප්පු කරලා තියෙනවා. අපේ රටෙත් අවස්ථා කිහිපයක මෙවැනි බලයන් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ බලයේ අවසාන ප්‍රතිඵලය ජනතාවට සාධාරණ ප්‍රතිඵල ගෙනත් දුන්නේ නෑ. ඒ නිසා සමහරුන්ට සැකයක් ඇති අපිට ලැබුණ අසීමිත බලය කොතැනකට තල්ලු කරයි ද කියලා. අපිට බලය තියෙන එක ඇත්ත ඒ වගේම බලයේ සීමාමායිම් වගේම බලයෙන් සෙල්ලම් කරන්න තියෙන කොටුවේ ප්‍රමාණය අපි හැමකෙනාම දන්නවා. බලයේ අරමුණක් තියෙනවා. දීර්ඝ කාලයක් අපි ජනතාවට දුන් යහපත් අරමුණුවල අපේක්ෂාවන් ඉටුකිරීමේ බලය අපිට පැවරිලා. ප්‍රධානම දේ මේ බලය වගකීම් සහිතයි. එක් අතකින් පුරවැසියන්ට, අනෙක් පැත්තෙන් ව්‍යාපාරයට.මේ බලය අපි හැසිරීමේ දී අපි වගවිය යුතුයි. අපිට වගකීමක් තියෙනවා. අපිට වගවීමක් තියෙනවා. සාමාන්‍ය පුරවැසියෙක්ට වඩා මන්ත්‍රීවරයෙකුට ඊටත් වඩා කැබිනට් අමාත්‍යවරයෙකුට විශාල බලයක් තියෙනවා. හැමදේනාම තේරුම් ගන්න එහි වගකීමක් හා බලයේ බැඳීමක් තියෙනවා. එය ආරක්ෂා කරයි කියලා මම විශ්වාස කරනවා.”

ජාතික ජන බලවේගයට ශක්තිමත් ජන වරමක් ලබාදීමට උත්සාහ ගත් සියලු ජනතාවට ස්තූති වන්ත වන අතර ජාතික ජන බලවේගයේ අභිලාෂයන් මුදුන්පත් කරගැනීමේ දී සියලු ජනතාවගේ සහාය අවශ්‍ය වන බවත් පරාජිතයාගේ හිත රිදවන ඉතිහාසය වෙනස් කර අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ බවත් ජනාධිපතිවරයා කියාසිටියේය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here