ලංකාව දීර්ඝ කාලයකට පසුව දැවන්ත පරාජයක් ලැබුවේය.එසැනින් සනත් ජයසූරිය ගෙදර යා යුතු මොහොත එළැඹී ඇත.ඉනික්බිති ශම්මි සිල්වා සහිත නඩය ගෙදර යා යුතු කතාවද එළියට පැමිණ ඇත.ලංකාවේ විශාලතම අවුල තියෙන්නෙ මේ තත්ත්වයේය.
මේ කියන මොහොතේ ලංකාවේ ආණ්ඩුවේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහය.ඔහුගේ උපදේශක අර්ජුන රණතුංගය.මේ දෙන්නා සම්බන්ධ ආණ්ඩුවට මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍යය තරම් ඖෂධ දෙන්න සල්ලි නැත.ශ්‍රී ලංකා ක්‍රිකට් ඊට දායක වූ මොහොතක්ය.අපේක්ෂා රෝහලේ රෝගියෙක්ගේ ඥාතියෙක් ඔහු බලා එන අතරේ රොෂාන් රණසිංහ සහ අර්ජුන කතා කරන වීඩියෝවක් නරඹමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පලු අරියි.අවාසනාවට බස් රථයේ ඔහුගේ අසුනේ අනෙක් පස මම වෙමි.
“දැන්නම් හොස්පිටල් එකේ බෙහෙත්වල ප්‍රශ්න අඩු ඇති නේද?“
මම පීල්ල මාරු කරන්නට උත්සාහ කළෙමි.
අඩුවක් කියලත් නැහැ.හැබැයි ඉතිං බෙහෙත්නම් ටිකක් තියෙනවා.
ඔහු පවසන්නේය.
ඒක තමයි ආණ්ඩුවට සල්ලි නැහැ කියලා රටේ මිනිස්සු පළි නැහැනෙ.ක්‍රිකට් එකෙන් මහා විශාල ගාණක් දුන්නනෙ බෙහෙත් අරගන්න කියලා
මම කීවෙමි.
ක්‍රිකට් එකෙන්..?
මම ඔහු ඇසූ දෙයට හිස සැලිමි.
එතැන් සිට ටවුන්හෝල් දක්වා 138 බස් රථයේ මට බාධාවක් නොවිණ.
හැබැයි දකුණු අප්‍රිකාව ඉදිරියේ ලකුණු 223 න් පරාජය වීමට වඩා ශ්‍රී ලංකාව පළමු ඉණිමේ දැවී ගිය ආකාරය අන්තිම පහත්ය.පන්දු 83 න් ටෙස්ට් ඉණිම නිමා වීම ලකුණු 42 ටත් වඩා අපුලය.මේ තත්ත්වය උදාවන්නේ බොහෝ කාලයක සිට ජයග්‍රහණය ලබමින් සිටීමෙන් පසුවය.එය විශාලෙට පිම්ඹී තිබුණු බැලුමක් එක මොහොතකින් හුළං ගිය ආකාරයට සමානය.
ඉන්දියාව පරාජය කර පැමිණ ශ්‍රී ලංකාවේදී පරාජය වූ නවසිලන්තය පාදක කරගෙන සනත් ජයසූරිය ගැන,කුසල් මෙණ්ඩිස්ලා ගැන,දිමුත්ලා මැතිව්ස්ලා චන්දිමාල්ලා ගැන කියූ කතා හරිම රහය.එහෙත් එක පරාජයක් හරියටම අත් වෙන්නටත් ප්‍රථම අතර මැද දි සනත් එළවිය යුතු බව කියන දායක සභා නිර්මාණය වෙමින් පවතින්නේය.ඒ අතර ක්‍රිකට් පරිපාලනය වෙනස්වීම ගැන ද හීනියට මතු වෙමින් තිබෙන්නේය.ලංකාව කැමති ආණ්ඩුවලින් පාලනය වන ක්‍රීඩා පරිපාලන ඒකකයලටය.අතුරු කමිටු පැමිණ සේවක පඩි ගෙවා ගන්න නොහැකි තත්ත්වයට පත්ව ආණ්ඩුවට අතපාන තත්ත්වයට පත් වෙනවානම් කැමතිය.
බොහෝ වෙලාවට කෙනෙක් ආර්ථික වශයෙන් නිදහස්ව පොහොසත්ව සැපවත්ව සිටිනවාට කැමති නැති සමාජ තත්ත්වයක් අපට නුහුරු නැත.කෙනෙකුට අත නොපා,සමාජ ඇසුර හොඳින් තියෙන,ඒ හරහා සමාජයට උපකාර කරන කෙනෙක් දැක්කත්,කුමන හෝ හේතුවක් පාදක කරගෙන පෙත්සම් ගැසීමේ කලාවක් ඇති සමාජයක අපි සාමාජිකයෝ වෙන්නෙමු.
ඒ අනන්‍යතාවය මත පිහිටා සාර්ථකවීම් හෙළා දකින්නට,ප්‍රතික්ෂේප කරන්නට ඔළුව ඇතුළේම ස්වභාවයෙන් ව්‍යාපෘති නිර්මාණය කර ගන්නා පිරිස් සිටිය හැකිය. සමහර විට විවිධ හේතු පදනම් කරගෙන නිර්මාණය වූ දායක සභා නිහඩව සිට යළි අවදිවීමක් වූවා ද විය හැකිය.දෙවන ටෙස්ට් තරගයේ දි මේ තත්ත්වය වෙනස් වුවහොත් යළිත් සනත්ලා කුසල්ලා දිමුත්ලා ගැන වෙනම රචනා ලියවිය හැකිය.එහෙත් සාර්ථක වීම නො‘ඉවසිය හැකි සංස්කෘතික කොටසක් ද අප උරුමය කරගෙන සිටින බව අමතක කළ නොහැකිය.
මේ කිසිවකින් පළමු ටෙස්ට් තරගයේ පරාජය සාධාරණ කරන්නේ නැත.එහෙත් ක්‍රීඩාවේදි පරාජය නොවී සිටීමට කවුරුත් කැමති වුව ද,පරාජය යනු පිළිකුලෙන් බැහැර කර යුතු දෙයක් නොවේය.එය ජයග්‍රහණය සඳහා අවශ්‍යය කරන බොහෝ අදහස් සහ පාඩම්වලින් සමන්විත වන එකකි.පසුගිය ආසන්න ඉතිහාසව තුළ සනත් ප්රමුඛ කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාමුල මල් කඳු ගණන් ගොඩ ගැසිණ.එහෙත් ඒවා සිදී බිදී යන්නට එකම එක පරාජයකින් ගල පෙරළන තත්ත්වයක් උද්ගතව තිබෙනු දැකිය හැකිය.
ක්‍රීඩාවේදී ක්‍රීඩාශීලි විය යුතු ආකරය ගැන බොහෝ අය ලියන සහ කියන මහා දේවල් තුළ ඒ ලකුණු සෙවීම දුෂ්කර වැඩකි.එහෙත් මේ කාරණා සියල්ල ගැන කතා කිරීමේ වේදිකාව නිර්මාණය වන්නේ පරාජය තුළය.පරාජයන් ජයග්රහණයන්ට වඩා විශාල ලෙස දැනෙන බව ඇත්තය.මේ එවැනි මොහොතකි.ඒවා දරා ගැනීම අපහසු නිසා පිටවන හැඟීම් ද තිබිය හැකිය.එහෙත් මේ මහා විශාල බර එක ජයග්‍රහණයකින් ක්ෂය වන බව ද ඇත්තය.සමාන සිතින් ජය සහ පරාජය දරා ගත යුතුය කියන කාරණය වැදගත්ය.ශ්‍රේෂ්ඨය.ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට පරායේදී දැනෙන ඇවිස්සෙන හැඟීම් සරල නැත.එය ද තේරුම් ගෙන සනත්ට සහ ධනංජයට සිය කණ්ඩායමේ ක්‍රීඩා තාක්ෂණයට වඩා යමක් කීඩාව සඳහා ඔවුන් මෙහෙයවන ඔළු ඇතුළේ ඉන්දවිය හැකිනම් යළිත් දින කිහිපයකින් විර කාව්‍ය ලියා ගන්නට හැකියාව ඇත.
ක්ෂණයකින් වෙනස් වෙන, ක්ෂණයකින් අමතක කර දැමීම අනන්‍යතාවයක් වූ රටක ක්‍රිකට්වලට ද එවැනි දේ අදාළය.එසේම අපායේදී ද ලාංකිකයෝ සිටින වලට මුර දමන්නේ නැති බව ද අප අසා ඇත.ඊට හේතුව ද අපි දනිමු.ඉතිං එවැනි තත්ත්වයක වලට අදින අය ගසා සොලවා වීසි කර වලෙන් ගොඩ එන්නට පහසු නැත.විශාල ශක්තියක් අවශ්‍යය කරන්නේය.ඒ ශක්තිය දෙවන තරගය වන විට උපයාගන්න උත්සාහ කළ යුතුය.මේ රට අමුතු වන්නේ ඒ හැම දෙයක්ම නිසාය.ඒවා තිත්ත වුව රස කර ගත හැකි තරම් සංවේදි ප්‍රතිචාරද හිඟ නැත.
Sri News Media