අමුතු මිනිස්සු

0
5


ලංකාවෙ අමුතු මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා.තමන්ට රටක් වෙනුවෙන් තීරණ ගන්න බලයක් ආපු වෙලාවට මොන ජාතියෙන් හරි රට දිනවන්න මහන්සි වෙනවා.මොන ජාතියෙන් හරි කිව්වෙ හරි නොවන විදිහට හරි කියන එකට.එවැනි වැරදි දෙයක් කරලා ඒක අහු වුණාම තමයි කොහොම හරි රට දිනවන්න ද ඕනි තමන්ගේ කීර්තිය වැඩි කර ගන්න ද රට අන්තරාකාරී තැනකට තල්ලු කළේ කියලා තේරෙන්න ගන්නෙ.

මේකට ක්‍රීඩා කේෂ්ත්‍රෙයන් උදාහරණයක් ගන්න පුළුවන්.තමන්ට බලය තියෙද්දි රටේ රගර් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ගෙනාවා කියලා ඉතිහාසයේ ලියා තියාගන්න ආස මිනිස්සු පිරිසක් එකතු වෙලා වෙන රටක ක්‍රීඩකයෝ යොදලා ලංකාව දිනවන්න හිතනවා.ඒක අහුවුණාම ජාත්‍යන්තරය දඩ පැනෙව්වාම රටට ආදරේන කරපු වැඩක්නම් ඒක තමන් පෞද්ගලිකව ගෙවා දමන හැටියක් හිතන්න වෙනවා.ඒත් එතනදි තමයි මේ වැඩේ ඔවුන් රටේ කීර්තිය වෙනුවෙන් ද,තමන්ගේ කීර්තිය වෙනුවෙන් ද කළේ කියලා දැනගන්න ලැබෙන්නෙ.දඩය ලංකාවෙ රගර් සංවර්ධනයට ජාත්‍යන්තරයෙන් ලැබෙන මුදලින් කපා ගන්න කියනවා.
ඊට පස්සෙ ලංකාවෙන් නොනැවතී,ලංකාවෙ නියෝජිතයා හිටියට ලෝකය නියෝජනය කරන්න යන්න හැදුවත් ඉඩ නොලැබුණාම,ලංකාව එක්ක තමන්ට නිලවරණයේ ඡන්දයක් නොලැබීම ගැන කේන්තියෙන් ඉන්න ආසියානු මට්ටමේ දැවන්තයෙක් එක්ක එකතු වෙලා ලංකාවෙ රගර්වලට වෙට්ටු දානවා.එතකොට තමයි මිනිස්සු හොඳටම පැහැදිළි වෙන්න ගන්නෙ.

සභාපති වෙච්චි මනුස්සයට ආසියාවට වඩා තමන්ගෙ රට ඉස්සරහට ගන්න ඒ තනතුර පාවිච්චි කරලා පුළුවන් කියලා දැණුනම,සහ ඒ වෙනුවෙන් තමන්ට වට්ටන්න ඕනි රටක “රට වැටුණත් මට හොඳනම් කමක් නැහැ“ කියලා හිතන හාදයෙක් දෙන්නෙක් හම්බ වුණාම අර ආසියා සභාපති එක ගලෙන් කුරුල්ලො පොකුරක්ම බා ගන්න බලනවා.රටේ කවුරුහරි රගර්වලට ආදරේ කෙනෙක් ඉන්නවනම් ඌවත් පුටුවෙන් ඇදලා දාලා,තමන්ට ඕනි විදිහට ඒ රටේ රගර් නටවන්න පටන් ගන්නවා.ඒ නැටිල්ල දිහා බලනකොට පහසු නැහැ.අමාත්‍යංශ ලේකම්ලා,අධ්‍යක්ෂ ජෙනරාල්ලා,දේශපාලකයො මේ හැමෝම තමන්ට පුළුවන් හැටියට මේ නැටුමට සහභාගි වෙනවා.

අවුරුදු දෙක තුනක් ගෙවෙද්දි අර ආසියාවේ ප්‍රබලයාගේ කණ්ඩායම ඊට වඩා කීර්තිමත් වසර සිය ගණනක ඉතිහාසයක් ඇති ලංකාවෙ රගර්වලට උඩින් පේන්න ගන්නවා.දැවන්තයට සතුටුයි.පුදුම වැඩේ කියන්නෙ අර මනුස්සය වට කර ගත්තු ලංකාවෙ සමූහයටත් සතුටුයි.සතුටට හරියන සාක්කුවට වැටෙන බර වගේම පිරිසකට තමන්ගෙ හිතට එන කාලකණ්නි සතුටෙ බරත් දැනෙන්න ගන්නවා.

එතකොට ඒ අය තව දුරටත් ලංකාව ආසියාවෙ රගර්වල ආශිර්වාදයෙන් ලෝකෙටම අරගෙන යන්න පිඹුරුපත් සැකසිලා තියෙනවා වගේ කතාවක් හිතට දැනෙන විදිහට ප්‍රවෘත්තියක් හදාගෙන යනවා.ඒත් ඒ එයිද නැද්ද කියලා වැනෙන රටවල්වල කොඩි අස්සෙ අර දැවන්තයගෙ රටේ කොඩිය දිඳුලන එක හංගන්න බැරි වෙලා තියෙනවා.ඒ කතාව එන්නෙ තව දුරටත් අපේ රටේ රගර් නටවන්න හදපු එක මේ රටේ නීතියෙන් ඉවත් කරලා දැම්මට පස්සෙ,නීතියෙන් කරන්න බැරි වුණ දේ තව විදිහකට කරන්න මාර්ගයක් හදාගන්නත් වෙන්නත් පුළුවන්.
රටක කෙනෙක්ට තමන්ගෙ රට ලංකාවට වඩා උඩ තැනක තියන්න කුමන්ත්‍රණයක් කරන්න උවමනානම්,ඒ වෙනුවෙන් තමන්ගේ උවමනාවන් ටික සංතර්පණය කරගන්න පුළුවන්නම්, අත් දෙකම උස්සලා ඒකට ආශිර්වාද කරන්න සහයෝගය දෙන්න අමුතු මිනිස්සු මේ රටේ ඉන්නවා.තව රටවල ඇති.ඒත් මේ මිනිස්සු ඒ කතාව වහලා වෙන පිංතූරයක් මවලා උඩ ඉදන් පහළට සමාජයම අන්දවාගැනීමේ හැකියාවෙන් අති දක්ෂයො.

http://www.sportwaynews.com/



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here