අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ලෙස තේරීපත් වී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පළමු වරට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස් වුණු අතර, මෙහිදී කාන්තාවන් සැලකිය යුතු ප්‍රතිශතයකින් පාර්ලිමේන්තුවට තේරීපත්වීම සුවිශේෂී ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට එක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේය.
එහි නව සභාපතිනිය ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය තේරීපත් වූ අතර, නියෝජ්‍ය සම සභාපතිවරින් දෙදෙනෙක් ද තෝරා ගෙන ඇත . චමින්ද්‍රානි කිරිඇල්ල සහ සමන්මලී ගුණසිංහ යන මන්ත්‍රීවරියන් දෙදෙනා එළෙස පත්වී ඇත.
රටේ සෑම කාන්තාවක්ම සුරක්ෂිතවන රටක් නිර්මාණය කිරීම සංසදයේ අපේක්ෂාව බව මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිනි සරෝජා පෝල්රාජ් මහත්මිය කියා සිටියේය.
Sri News Media