අපි ගෙනාපු පාස්පෝට් ටික මේ අයට බෙදාගන්නවත් බෑ – මනූෂ

0
23


මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් රට පාලනය කළ හැකි බව මාළිමාවේ අය පවසන බවත්, එසේ කළ හැකිනම් මැතිවරණයෙන් පසුවද අමතර ඇමතිවරුන් පත්කිරීමෙන් වලකින ලෙස තමා ඉල්ලා සිටිනා බව හිටපු අමාත්‍ය මනුෂ නානායකකාර පැවසීය. ඉකුත් ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයට ඡන්දය දුන් ජනතාව එම පක්ෂය සමග තව දුරටත් රැඳීමෙන් අනාගතයක් නැති බව වටහාගෙන ඇති බවත්, ඔවුන් සියළු දෙනා දැන් නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණ සමග එක්වී අවසන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

හිටපු අමාත්‍යවාඅරයා මේ බව පැවසූවේ ගාල්ලේ පැවති මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදීන් නැගී ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි .

පවතින දේශපාලන ප්‍රවනතා පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

”මාළිමාවේ දෙබිඩි පිළිවෙත දැන් සෑම අතින්ම පැහැදිවෙනවා. ඒ අය ජාතික මාධ්‍යයට ඇවිල්ල කියනවා පේක්ෂකයන්ගේ අංකගැන හිතන්න එපා, මලිමාවට ඡන්දය දෙන්න කියලා. හැබැයි වේදිකාවේ අපේක්ෂකයෝ තම තමන්ගේ වැඩේ බොහොම ලස්සනට කරනවා. මනාප එකතු කිරීමේ වැඩපිළිවෙල් බොහොම හොඳට ක්‍රියාත්මක කරගෙන යනවා . ඒ කියන්නේ ඒ මේ එළියෙන් පෙන්නන දේ නෙවෙයි ඇතුලෙන් තියෙන්නේ. මනාප තරගයක් නෑ කියනවා. හැබැයි ඉතින් මනාප තරගයේ ඇතුළින් යනවා.

පාර්ලිමේන්තුව මල් වලින් පුරවනවා කියලා කියනවා. ඒත් පාර්ලිමේන්තුවට මල් පිරුණා කියලා මේ සමාජය නියෝජනය කිරීම හරියට වෙන්නේ නෑ . සමාජය නියෝජනය වෙන්න නම් සමාජයෙන් හැම මිනිස්සුම නියෝජනය වෙන පාර්ලිමේන්තුවක් තියෙන්න ඕනේ. ඒ නියෝජිතත්වය නැති කරන්න හදනවනම් ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න හදනවා කියලයි . හැබැයි ඉතින් ඔය වගේ මල් අතර මොනවගේ මල් තියේද දන්නේ නෑ.
ගඳපාන මල් එහෙම නැත්තං නියඟලා මල් ඔය අතර තියෙන්නත් පුළුවන්. ඒක නිසා ඡන්ද දායකයන් පරිස්සම් වෙන්න ඕනේ . මොකද පාර්ලිමේන්තුව තියෙන රටේ නීති හදන්න. එතනට හරිම මිනිස්සු එන්න ඕන.

පාස්පෝට් පෝලිම, එතකොට බිත්තරවලට, පොල් වලට හැම එකකටම චෝදනා කරනවා පහුගිය ආන්ඩුවට . හැබැයි වැඩේ තියෙන්නේ අපි අච්චු ගහපු පාස්පෝට් එක දැන් ඇවිල්ල තියෙන්නේ . ඒ ටික බෙදා ගන්න බැරිනම් ඒක ඒගොල්ලන්ගේ වැරැද්ද . මේවගේ දේවල් සාමාන්‍යයෙන් පරිපාලනයේ ඇතිවන අපහසුතා දේවල් . ඒවා දේශපාලන වාසි ගන්න යොදාගත්ත හැටි අපිට මතකයි. දැන් ඒවා බූමරාංගයක් වෙලා මේ අයට ආපසු එනවා.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here