අන්නාසි මාමා කිව්වම පත්තරවල අන්තිම පිටුවෙ ක්‍රීඩා බලපු හුඟ දෙනෙක් දන්නවා.හැබියි පත්තරකාරයෙක් විදිහට ලියන්න විතරක් දන්න පත්තරකාරයෙක් නොවුණු අන්නාසි මාමාගෙ ඇත්ත නම රන්ජන් පරණවිතාන.එයා ලියන්න විතරක් නෙමෙයි පත්තර රස්සාවට අදාළව පොටෝ ගහන වැඩෙත් දන්න,චිත්‍ර අඳින් වැඩේ,කාටුන් අඳින වැඩෙත් තිතට දන්න මල්ටි ටැලන්ට් මනුස්සයෙක්.
ඒ වගෙම තමයි වැඩියෙන්ම ක්‍රීඩාව ගැන ලියලා තියෙන පාසල් අවදියෙ නොකරපු ක්‍රීඩාවක් නැති,පාසලෙන් පස්සෙත් ඉහළින්ම ක්‍රිකට් කරපු ක්‍රීඩකයෙක්.ඒකට පුහුණුකරු තනතුරත් එකතු වෙලා,රට නෙමෙයි ලෝකයම කතා වෙන ක්‍රීඩකයො සමහර වෙලාවට පාසල් කාලයෙ ඉදලත්,ඔවුන් දිස්නෙ ගැහීමේ අඩුවක් තියෙන තැන් බලලා,තමන් පුහුණුකරන කණ්ඩායමට ගෙනත් පළුඳු මකලා,නිසි තැන දීලා ලෝකයට හඳුන්වා දෙන්න වැඩ කරපු පුහුණුකරුවෙක්.
මේ වන විට ලංකාවෙ ක්‍රිකට්වල ඉන්න තරුණ ක්‍රිකට් ක්‍රීඩකයො තෝරා දෙන්න වැඩ කරපු කෙනෙක් වගේම දන්න විදිහට අදටත් ඒ වගේ වගකීමකට රට පුරා කරක් ගහමින් අලුත් ක්‍රීඩකයො හඳුන්වා දෙන්න මහන්සි වෙන තනතුරට වඩා ඒ වෙනුවෙන් වගවෙන මනුස්සෙක්.මේ මනුස්සයා සහ සංගක්කාර හොඳට දන්න හඳුනන බව ක්‍රිකට් එක්ක ළඟින් ඉන්න අය දන්න දෙයක්.
සංගක්කාරත් දන්න තරමට පත්තරකාරයෙක්ට වැඩිය ගරු කරන පත්තරකාරයෙක්.ඒ නිසා ඒ ගරු සරුව පිළිගැනීම එක්ක අන්නාසි මාමා සංගක්කාරගෙ හිත උතුර පැත්තට හැරෙව්ව බව දැනගත්තේ අන්නාසි මාමාගේ ඇත්ත නමින් තියෙන ෆෙස්බුක් ගිණුමෙන්.ඒ උතුරෙ ක්‍රීඩකයින් තිදෙනෙක්ට අන්නාසි මාමාගෙ ඉල්ලීමකට කුමාර් සංගක්කාර අත දෙන්න ඉදිරිපත් වෙලා.
මේකෙ වැදගත්කම මේ තුන් දෙනාම එකම මොහොතකදි රට නියෝජනාය කරන්න උතුරෙන් ඇවිත් තිබීම.මේ වැඩේ ආශ්චර්යයක් වෙන්න පුළුවන් ද?අපි එක රටක්නෙ.ඒත් එහෙම නැතුව දකුණයි උතුරයි අතර පරතරය හදලා තියෙන ජාතිකත්වය,භෞතික සම්පත් ඇතුළු සංස්කෘතික දුර දේශපාලනය ඉරි ගහලා බෙදලා වෙන් කරලා හදපු ආගන්තුක බවක්.එහෙම වුණාම දකුණෙ අපිටත් උතුරේ උන්ටත් මෙහෙම රටක් නියෝජනය කරන්න එක පාර තුනක් උතුරෙන් එනවා කියන එක මැජික් වෙනවා.ඒක මැජික නොවන තැනකට රට යන්න අවශ්‍යය වුවත්,මේ තත්පරයෙත් රිච්මන්ඩ් එකේ එක ටීම් එකේ පහක් එකට ලංකාවට ගහනවා කිව්වම දැනෙනවට වැඩිය ශ්‍රී ලංකාවෙ අවුරුදු 19 න් පහළ කණ්ඩායමට දෙන්නෙක් සහ 17 න් පහළ කණ්ඩායමට එක්කෙනෙක් විදිහට යාපනයෙන් ක්‍රීකට් ගහන්න එනවා කිව්වම පොඩි ඉන්ද්‍රජාලික වැඩක් වෙලා තියෙනවා කියලා හිතෙනවා.
මේ දුරකම අඩු කරන්න පුළුවන් ආදරය සහ විශ්වාසය විශාල වෙන තරමට.තාත්තාගේ පොලිස් රස්සාව නිසා යාපනය සිංහල මහා විද්‍යාලයෙත් ආදි ශිෂ්‍යෙයක් වීමේ භාග්‍යය ලබපු රන්ජන් පරණවිතානට මේ සංස්කෘතික දුර අපිට දැනෙනවට වඩා අඩු දුරකින්,හුස්ම වැටෙන දුරකින් තියෙන්න පුළුවන්.හැබැයි මේ පොළවේ දේශපාලනය අතර මේ මොහොතෙ බෙදිම් ඉරි මැකී තියෙන බවක් පේන්න තිබුණට ඒක ඇත්තටම විසඳගන්න ඕනි මිරිඟුවක් ද නොවේද කියන යථාර්තය එක්ක විසඳගන්න වෙන ගැටළුවක්.ඒකට ගත වෙන කාලයට මෙහායින් වැටෙන්න ඕනි ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා උතුරු පොළන මත යථාර්තයක් විදිහට ඇතිරිමේ ස්නේහයමය විශ්වාසය සහ එය යථාර්ත්තයක් කරන්න යොදවපු මිනිස්සුන්ගෙ තේරීම රහට වෙලා තියෙන කාරණය මේ තේරීම පිටුපස පේන්න තියෙනවා.ඒක මීට ඉස්සෙල්ලත් යොවුන් කණ්ඩායම නියෝජනය කරන්න වියස්කාන්ත එන කොට අපට දැණුනා.
කතා කරන්න ඕනි ක්‍රීඩකයින් තුන් දෙනා ගැන පස්සට තියලා,ඒ හරහා හැඳෙන මේ හෘදයාංගම එක පොළවක ආදරය සහ විශ්වාසය තහවුරු වෙන සංනල්පීය ක්‍රියා පද සරසන එක දේශපාලනික යුතුකමක්.ඒවා ක්‍රීඩාවේ සුබ සිද්ධියට බලපාන්නෙ කෙතරම් සංවේදී දේශපාලනික සමාජයකට වැදගත් කාරණාද කියන කියවීම සමඟයි.
එහෙම පදනම් පළල් වෙන විකාශය වෙන මිනිස්සු ආදරෙන් වැළඳ ගැනීමේ සම්භාවිතාව වැඩි වෙන තැනකට රන්ජන් පරණවිතාන සහ සංගක්කාරගේ වැඩේ ඇගයීම වටින්නෙ ඒ නිසයි.ඒ සත්කාරයේ භුක්තිය පල බුදින යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ැංජිත්කුමාර් නිව්ටන් වමත් වේග පන්දු යවන්නෙක්. ඒ වගෙම යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අවුරුදු 19 න් පහළ කණ්ඩායමට රංජිත් එක්ක තේරී ඉන්න කුගදාස් මතුලන් මේ වන විට ලසිත් මාංලිගගේ ඉරියව්වෙන් පන්දු යවන ක්‍රීඩකයෙක් විදිහට කතා බහට ලක් වී තිබෙනවා.අවුරුදු 17 න් පහළ සංචිතයට පේදුරුතුඩුව හාර්ට්ලි විද්‍යාලයෙන් එන වික්නේශ්වරන් ආකාශ් පා දග පන්දුවේ දක්ශයෙක්.
මේ ඡායාරූපවල ඉන්නෙ ඒ තුන්දෙනා.එයාල මතක තියාගන්න.ඉස්සරහට ඒ මතකය හැඩ වෙන්න හැඩ වෙන්න මුල සවිමත් කරපු රන්ජන් – සංගක්කාර සුසංයෝගයත් ඔබට සිහිපත් වෙයි.
http://www.sportwaynews.com
Sri News Media