අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 71 පොලිස් භාරයේදී 67ක් වුණේ කොහොමද ? – CID පරීක්ෂණ අරඹයි !

0
17


මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට (SIU) දැනුම් දී විමර්ශනයක් ආරම්භ කර තිබුණ ද එය බොහෝ මන්දගාමී ආකාරයෙන් සිදුවීම හේතුවෙන් මෙසේ අදාළ විමර්ශනය CID ය මගින් සිදුකිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ CID නිලධාරීන්ට මේ වනවිට අනාවරණය වී ඇත්තේ අත් අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ලේඛන සම්බන්ධ සටහන් පසුව වෙනස් කර ඇති බවකි.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක සාමාන්‍ය වටිනාකම රුපියල් ලක්ෂ 90ක් පමණ වන අතර මේ සිද්ධියේදී රුපියල් ලක්ෂ 360ක පමණ හෙරොයින් ප්‍රමාණයක් කිසිවකු විසින් ජාවාරම් කර ඇති බව පෙනේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here