ෆීල්ඩ් මාර්ෂල්ලා ගැන දැන කියා ගමු – Sri News

0
4

පහුගිය දවස්වල ෆීල්ඩ් මාර්ෂල් කියන තනතුර ගැන කතාබහක් රට තුළ ආපහු ඇති වුණා. මේකට හේතු වුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාව ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් (Admiral of the Fleet) කියන තනතුරටත් හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාව මාෂල් ඔෆ් දි එයාර්ෆෝස් (Marshal of the Air force) කියන තනතුරටත් උසස් කිරීමත් එක්ක.

මේ ගැන අදහස් පළ කරපු බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතය වුණේ ෆොන්සේකා මහතාට රිද්දවීමට මේ තනතුරු පත්කළා කියන එක. මේ හරහා ඔවුන් තිදෙනාම තරුපහේ නිලධාරීන් බවට පත් වෙනවා. මේ දේශපාලන කාරණා කොහොම වුණත් Lifie අපි හිතුවා මේ තනතුරුවලට අදාළව ලිපි මාලාවක් ප​ළ කරන්න. මේ ලිපිය, ඒ ලිපි මාලාවේ පළමුවැන්න. අද ලිපියෙන් කතා කරන්නේ ෆීල්ඩ් මාෂල් තනතුර සහ ලෝකප්‍රකට ෆීල්ඩ් මාෂල්වරු කීප දෙනෙක් පිළිබඳව.

 

 

මේ ෆීල්ඩ් මාර්ෂල් කියන තනතුර මුලින්ම අපිට හම්බ වෙන්නෙ ජර්මනියෙන්. පැරණි ජර්මන් රජවරු තමන්ගේ අශ්වාරෝහක හමුදාවේ ප්‍රධානියාට භාවිතා කරලා තියෙන්නේ  Marescalci කියන නම. මුල් කාලයේදී මේ තනතුර සුවිශාල බලයක් සහිත තනතුරක් වුණේ නැහැ. දිගුකාලීන භාවිතයත් එක්ක මේ තනතුර සමග විශාල බලයක් ආරෝපණය වුණා.

උදාහරණයක් විදිහට නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයා ප්‍රංශය සඳහා මාෂල්වරුන් දහඅට දෙනෙක් හඳුන්වා දෙනු ලැබුවා. මහා බ්‍රිතාන්‍යය සඳහා මෙම මාෂල් තනතුරක් මුලින්ම හඳුන්වා දෙනු ලැබුවේ ජර්මන් සම්භවයක් සහිත දෙවැනි ජෝර්ජ් රජු විසින්. ඒ හරහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යට​තේ පැවති අනෙකුත් රටවල් වලටත් මෙහි ආභාෂය ලැබුණා. බ්‍රිතාන්‍ය හමුදාව ආදර්ශයට ගනිමින් තමන්ගේ හමුදා හැඩගැස්වූ අනෙකුත් රටවලටත් මේ තනතුර ව්‍යාප්ත වුණා.

මෙම ෆීල්ඩ් මාර්ෂල්  තනතුර ලබාදීම අතිශයින් සීමා සහිත වෙනවා. මේ තනතුරු ලබා ගත් පුද්ගලයෙක් සැලකෙන්නේ සක්‍රීය හමුදා සේවයේ නිරතවෙන අය විදිහට. නිල උත්සවයක දී ඔවුන් තමන්ගේ සම්පූර්ණ නිල ඇඳුමෙන් සැරසී සිටීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මේ තනතුර ලබාදීම කරන්නේ යුද හමුදාව මෙහෙයවා සුවිශේෂී යුධ ජයග්‍රහණ ලබාගත් හමුදාපතිවරුන්ට පමණයි.

දැන් අපි ලෝක ප්‍රකට (සමහර තැන්වලදි කුප්‍රකට) ෆීල්ඩ් මාෂල්වරු කීප දෙනෙක් ගැන හොයලා බලමු.

 

ඉන්දීය හමුදාව තුළ පළමු වරට ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් ලබා ගත් පුද්ගලයා වන්නේ ජෙනරල් සෑම් මනෙක්ෂා. නිදහස් ඉන්දියාවේ අටවැනි හමුදාපතිවරයා වූ ඔහු 1971 දී ඉන්දු පාකිස්තාන යුද්ධයේදී ඉන්දියාව ජයග්‍රහණය කරා මෙහෙයෙවූවා. එමගින් බංග්ලාදේශය නිර්මාණය කිරීමට ඔහු තමාගේ දායකත්වය ලබා දුන්නා. මේ සුවිශේෂී ජයග්‍රහණය නිසා 1973 දී ඉන්දීය ජනාධිපතිවරයා විසින් ඔහුව ෆීල්ඩ්  මාෂල් තනතුරට උසස් කරනු ලැබුවා. 

 

ඉන්දියාවේ පළමු යුද හමුදාපතිවරයා වූ  ජෙනරල් කේ. එම් කරියප්පා​ට ෆීල්ඩ් මාර්ෂල් ධුරය ලැබුණේ 1986 දී. ඒ ඉන්දීය යුද හමුදාවේ ප්‍රගමනය වෙනුවෙන් ඔහු සිදු කළ විශිෂ්ට දායකත්වය සහ 1947 ඇතිවූ ඉන්දු-පාකිස්තාන අර්බුදයේ දී ඔහු හමුදා මෙහෙයුම් සිදු කළ ආකාරය අගය කරමින්. මෙතෙක් ඉන්දියාව තුළ ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබා දී ඇත්තේ කරියප්පාට සහ මනේක්ෂාට පමණයි.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here