ළඟදීම විවාහ දිවියට එළඹෙන්න බලාපොරොත්තු වෙන ගෑණු ළමයෙක් දැනගෙන ඉන්නම ඕන කරුණු 7ක් – Sri News

0
5

විවාහය කියන්නේ ගැහැණු පිරිමි කාගේත් ජීවිතයේ වැදගත්ම සංධිස්ථානයක්. විශේෂයෙන්ම ගැහැණු ළමයෙක් හරිම පරිස්සමට ගතයුතු තීරණයක් තමා මේ… ලස්සන මනාලියක් වෙලා මේ සුන්දර දිවිය ආරම්භ කරන එක ගැහැණු ළමයින්ගේ ජීවිතේ ලොකුම හීනයක්. ගෑණු ළමයි වෙන අපි කවුරුත් මේ ගමන යන්න සැරසෙන්නෙ හිතේ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන. මේ මුළු ලෝකෙම ඉන්න හැමෝම අතරින් අපි අපේම කියලා කෙනෙක් වෙන්කර ගෙන එයාත් එක්ක ඉතිරි ජීවිත කාලයම ගෙවන්නයි මේ සැරසෙන්නෙ.

ඔයාත් මේ වගේ ළඟදීම පතිනියක් වෙන්න ඉන්න යුවතියක් නම් ඔයා මෙන්න මේ කරුණු 7ත් දැනගෙන ඉන්න එක ගොඩාක් වැදගත් වේවි.

 

විවාහය කියන්නේ අපේ ජීවිතේට අළුත් පවුලක්, අළුත් නෑදෑ පිරිසක් අමුණන බැඳීමක්නේ. ඔයා ඉපදුන දවසේ ඉඳන් දැන හඳුනගත්ත නෑයෝ ගොඩට ඔන්න ඔයාගේම කියලා අළුත්ම කට්ටියක් එකතු වෙනවා. මේ අය ඉතින් විවිධාකාර ගතිගුණ තියෙන, විවිධාකාර අදහස් තියෙන අය. ඔයා මොන වගේද කියලා එයාලා දන්නෙත් නෑ, එයාලා මොනවගේද කියලා ඔයා දන්නෙත් නෑ… අළුතින්ම ඒ පවුලට එකතුවෙන ඔයා දිහා එයාලා එක එක කෝණ වලින් බලයි. කට්ටියක් ඔයාට උදවු කරයි. තව කට්ටියක් ඔයා එක්ක සුහදව ඉඳියි. ඒ වගේම ඕනම තැනක වෙනවා වගේ කට්ටියක් ඉඳියි ඔයාව අපහසුතාවයට ලක් කරන, ඔයාගේ දුර්වලකම් විතරක්ම දකින, අනිත් අයටත් ඒවා පෙන්නලා දෙන්න උත්සාහ කරන. ඉතින් ඔයා ඒ පවුලට සම්බන්ධ වෙන්න කලින්ම ඔයාගෙ හිත ශක්තිමත් කරගන්න ඕන මොනවගේ තත්ත්වයක් එළඹුණත් ඒවට හොඳ ශක්තිමත්ව මුහුණ දෙනවා කියලා. වැදගත්ම දේ තමයි විවාහයෙන් පස්සෙ මේ නෑදෑ පිරිසගෙන් එන එක එක හිත් රිදීම් වලට සැමියා එක්ක රණ්ඩු කරන්න යන්නෙ නෑ කියලා දැන්ම ඔයාම ඔයාට පොරොන්දුවක් වෙන එක. මොකද ඔයාගෙ සැමියාට හැකියාවක් නෑනේ පවුලේ එක එක්කෙනා ළඟට ගිහින් ප්‍රශ්න කරන්න. ඔහුට වෙලාවක් නෑ අනෙක් මිනිස්සු හිතන පතන විදිහ වෙනස් කරන්න. වැදගත්ම දේ ඔබ දෙදෙනාගේ අන්‍යෝන්‍ය වටහා ගැනීම බව ඔයා හොඳින්ම වටහා ගන්න ඕන. ඔන්න එතකොට මුළු පරපුරම ඇද කුද කියාගෙන ආවත් ඒකෙන් වැඩක් වෙන්නෙ නම් නෑ…

හොඳම දේ තමයි යන්න කලින්ම ඒ නිවස ගැන චිත්‍රයක් ඇඳගන්න. ඔයාගෙ සහකරුගෙන් ඔහුගේ පවුලේ අය ගැන විස්තර අසා දැනගෙනම යන්න. ඔහුට ඉතාම වැදගත් සම්බන්ධතා ගැන දැනගන්න. ඔහුගේ පවුලේ කිසියම් අසාමාන්‍යතා ඇති කිසිවෙක් සිටීනම් අසා දැනගන්න. ඒ වගේ දේවල් පසුව දැන ගැනීමෙන් ඔබ කලබලයට පත්වෙන්න පුලුවන්.

 

ඔයා මේ ගැන නම් දැනගන්නම ඕන. මොකද අපේ ගෑණු ළමයි විවාහයට කලින් ඉඳන්ම හිතේ තියාගෙන ඉන්නෙ නැන්දම්මා ලේලි ගැටුම ගැන විතරයි. ඒත් තමන්ගේම පුතාටත් වඩා ලේලිට ආදරෙන් ඉන්න නැන්දම්මලා මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඉතින් වැරදි අදහසක් හිතේ තියන් ඒ අනුවම හිතන්න යන එක නම් කොහොමත් හොඳ දෙයක් නෙමෙයි. එහෙනම් කොහොමද මේ සම්බන්ධතාවය ජය ගන්නේ? මේ ක්‍රම ටික ඔයාට උදව්වක් වේවි.

 

■ ඇයට අම්මා කියන්න

ඔයාට මේ ලෝකෙ දකින්න ජීවිතය දෙන්නෙ ඔයාගෙ අම්මා. ඒ වගේම තමයි ඔයාගේ අම්මා දුන්න ජීවිතේ තව ටික දවසකට පස්සෙ තමන්ගේ ජීවිතේ කරගෙන ඔයාව රැකබලා ගන්න යන ඔයාගේ අනාගත සැමියාට ජීවිතේ දුන්නෙ ඔයාගේ අනාගත නැන්දම්මා. ඉතින් ඇයට කටපුරා අම්මා කියලාම කතා කරන්න ඔයා දැන්ම ඉඳන් සුදානමින් යන්න ඕන. ඇයත් ඔයාත් අතරේ සමීප බවක් ඇති කරන්න ඒ වචනයට තියෙන්නෙ විශාල හැකියාවක්.

 

■ ඇයට ඇයගේ තැන දෙන්න

ඔන්න ඔයා අළුත් ගෙදරට හා හා පුරා කියලා ගිය ගමන්ම ඔයාට දැනෙනවා මේ පිළිවෙල ඔයාට හරියන්නෙ නෑ කියලා. එහෙම හිතුන ගමන්ම නැන්දම්මාගෙ පිළිවෙල වෙනස් කරන්න යන්න එපා. කාලයට ටිකක් ඉඩ දෙන්න. ඇයව අධ්‍යනය කරන්න. ඇයගෙ විදිහ තේරුම් ගන්න එක ඔයාටමයි හොඳ.

 

■ නැන්දම්මා කිසිදාක අම්මා නොවෙයි… අම්මාටත් වඩා හොඳින් ඇය සමඟ සමඟිව ඉන්න බලන්න

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here