හොඳ විදියට ආඩම්බර වෙන්නේ මෙහෙමයි! – Sri News

0
4

සාමාන්‍යයෙන් අපේ සමාජයේදී ආඩම්බරකාරයෙක් වීම කියන එක හොඳ වගේම නරක පැත්තටත් සැලකෙනවා. සරල උදාහරණයකින් බලමු. ඔන්න කොල්ලෙක් ඉන්නව ආඩම්බරකමට. එතකොට කෙල්ලෝ ඒ කොල්ලා ගැන කියලා බණින්නේ “ඌ මහම මහ ආඩම්බරකාරයෙක්නෙ බං” කියලා. හැබැයි එහෙම බැන්නට, ඒ ආඩම්බරකාරයා ආඩම්බර වීම හින්දම කෙල්ලෝ ඌට ඉන්ටරෙස්ටින්ග් වෙනවා. හා නැද්ද? ඇත්තම කිවුවොත් ඕකේ අනික් පැත්තත් ඔයාකාරම තමයි. ආඩම්බරකාර කෙල්ලෙක්ට ආඩම්බරයි කියලා බණිනවා, හැබැයි කෙල්ල ආඩම්බර වීම නිසාම සමාජය ඒ කෙල්ලට මාර වටිනාකමකුත් දෙනවා.

හරි, දැන් ඔය දාර්ශනික කතන්දර පැත්තක දාලා අහලා බැලුවොත්, කවුද අකමැති ආඩම්බරකාර ඩයල් එකක් වෙන්න? ඒ කියන්නේ මිනිස්සු ආඩම්බරයි කියලා බැන්නත්, රහසින් හරි අගය කරන විදියේ ආඩම්බරකාරයෙක් වෙන්න? ඇත්තටම එහෙම ආඩම්බර කමකින් ඉන්න ගමන්, අවශ්‍ය තැනදී සුහද වෙන්නත් පුළුවන් නම්, අන්න ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් අපි කතා කරන්න හිතුවේ, ආන්න ඒ විදියේ හොඳ පැත්තට ගන්න පුළුවන් අභිමානවත්, ආඩම්බරකාර ආකල්පයක් ඇති කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි.

 

 

 

මෙන්න අපි හැමදාම කියන කාරණාව. ආඩම්බර මනුස්සයෙක් වෙන්න නම් ආඩම්බර වෙන්න දෙයක් තියෙන්න ඕන. ඒ ආඩම්බර වෙන්න තියෙන දේවල් වලට හොඳ ගතිගුණ අයිති වෙනවා. ඒ වගේම සෘජු අකුටිල භාවය අයිති වෙනවා. හැබැයි ඔය ගතිගුණ වගේම තවත් දේවල් අවශ්‍යයි. බාහිර දේවල් පවා. උදාහරණයක් විදියට තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය, පෙනුම හොඳින් පවත්වගන්න එක ගන්න පුළුවන්. හොඳින් අඳින පළඳින එක ගන්න පුළුවන්. හොඳ වෘත්තිය සාර්ථකත්වයක් තිබීමත් ගන්න පුළුවන්. හොඳ ජීවන අත්දැකීම් තිබීම ගන්න පුළුවන්. ඒ වගේම තමන් මුහුකුරා ගිය, වගකීම් සහගත මනුස්සයෙක් වීම ගන්න පුළුවන්. කොටින්ම කියනවා නම්, මේ හැම දෙයක් ගැනම හොඳ අභිමානයක් තිබීම ගන්න පුළුවන්. අපි කියන්නේ ආන්න ඒ පුද්ගල දියුණුව ලඟා කරගන්න කියලා. ඔය අතරට විශේෂ දක්ෂතාවයන්, කුසලතාවයන් එහෙමත් තියෙනවා නම් තවත් අනර්ඝයි. ආන්න එතකොට අපිට බය නැතුව කියන්න පුළුවන් හේතුවක් ඇතුව ආඩම්බර වෙන්න පුළුවන් මනුස්සයෙක් කියලා!

 

 

 

ඇත්තටම අපි ආඩම්බර මනුස්සයෙක් කියලා කියන්නේ කාටද? සමහර වෙලාවට අපි ආඩම්බරයි කියලා කියනවා අනික් මිනිස්සු දිහා නාහෙට පල්ලැහින් බලන, හෙනම ඔළුවෙන්, කිසිම කෙනෙක්ව ගණන් ගන්නෙ නැතුව ඉන්න තාලේ අමුතුම උඩඟු, උද්දච්ච ඇටිටියුඩ් එකක් තියෙන මිනිස්සුන්ට. ඇත්තටම අපි මේ කතා කරන්නේ ඒ වගේ මිනිස්සු ගැන නෙවෙයි. අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් ඕනම තැනකදී හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව ඉන්න, උද්දච්ච, උඩඟු ගතිලක්ෂණ නැති, ඒත් තව කෙනෙක් ගාවට ගිහිල්ලා තමන් කතා කරන්න අවශ්‍ය නැති, අනික් හැමෝම තමන් ගාවට එන වර්ගයේ මනුස්සයෙක් ගැන. ආන්න එහෙම කෙනෙක් ඕනම සමාජෙක ජනප්‍රියයි. ඒකට ප්‍රධානතම කාරණය වෙන්නේ, අර උඩින් කියපු විදියේ දියුණුවක්, හැකියාවන් තියෙන, විශිෂ්ටයි කියලා සළකන්න පුළුවන් විදියේ මනුස්සයෙක් වීම. ඒ වගේම ඒ නිසාම ඉතාම හොඳ ආත්ම විශ්වාසයකින් ඉන්න මනුස්සයෙක් වීම. අන්න එහෙම මනුස්සයෙක්ට ආඩම්බර වෙන්න බැරි නං, වෙන කාටද ආඩම්බර වෙන්න පුළුවන්?

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here