හිමි අහිමි – 12 කොට​ස – Sri News

0
7

 

“වාඩිවෙන්නකෝ ඉස්සෙල්ලම” ජයදේව එහෙම කිව්වෙ සෝෆාවේ පැත්තකට බරවෙන ගමන් විමංගටත් වාඩිවෙන්න අතින් සන් කරමින්.

 

“අපිට බොන්න මොනවහරිත් අරන් එන්න තිබ්බ. දැන් කමක් නෑ. යනකොට එළියෙන් ලන්ච් අරගෙනම යමු පුතා”

 

“හරි අප්පච්චි. දැන් ඇයි කියන්නකො අපි මෙහෙ ආවෙ. කාගෙද මේ ගේ? අප්පච්චි අපාර්ට්මන්ට් එකක් ගත්ත බව මම දැනන් හිටියෙ නැහැනෙ” විමංග එක පේළියට ඇහුවේ ලොකු කුතුහලයකින්.

 

ජයදේව කියන්නෙ ලොකු ව්‍යාපාර සමූහයක හිමිකරුවෙක්. ඔහු සතුව දේපල විශාල ප්‍රමාණයක් තිබෙන බව විමංග නොදැන හිටියා නෙමෙයි. ඒත් ගමේ සහ කොළඹ අවට තියෙන ඉඩකඩම් වලට අමතරව මෙහෙම ටවුන් එකකට කිට්ටුව තියෙන ඉතාම පොඩි අපාර්ට්මන්ට් එකක් අප්පච්චිට අයිති බවක් විමංග දැනගෙන හිටියෙ නැහැ.

 

“නෑ නෑ පුතා… කලින් ගත්ත එකක් නෙමේ. තාම කී එක හම්බෙලා සතියක්වත් නෑ. මම තැන බලල තමා කලින් ඔයාට කතා කරන්න ඕන කිව්වෙ. මට ඕනවුණේ ඔයාටත් පෙන්නලම හොඳද බලල ගන්නයි. ඒත් ඔයා පහුගිය ටිකේම ක​ළබල වැඩි ගතියක් තිබ්බ නිසා අරන්ම පෙන්නන්න හිතුවෙ”

 

“ටිකක් බිසීවුණා අප්පච්චි. ඒ ගැන තමා මට කියන්නත් ඕන. ඒත් ඊට කලින් කියන්නකො ඇයි මෙච්චර පොඩි අපාර්ට්මන්ට් එකක් අපිට? අප්පච්චි ගෙවල් රෙන්ට් කරන්න කොහොමත් කැමති නෑනෙ” විමංගගෙ ප්‍රශ්න ඇහිල්ල තවමත් ඉවරයක් නැහැ.

 

“හරි හරි කොල්ලෝ… ඔක්කොම කියන්නම්. පොඩ්ඩක් හුස්ම ගන්න දීපන්කො” ජයදේව කිව්වෙ හයියෙන් හිනාවෙමින්.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here