හැරී ​පොටර් මායා ලෝකයේ හමුවන සත්තු – Sri News

0
11

හැරී පොටර් කතා මාලාව කියන්නේ  ලෝකයේ මෑත කාලයේ එක් පරම්පරාවක් සම්පූර්ණයෙන්ම විස්මයෙන් විස්මයට පුරවන්න සමත් වෙච්ච කතා මාලාවක්. ඒ නිසා එදා පොඩිහිටියෝ වෙලා හිටපු අද වැඩිහිටියෝ තවමත් හැරී පොටර් රසිකයෝ බවට පත් වෙලා ඉන්නවා. මේ නිසාම අපි කලින් පළ කරපු ලිපි ගණනාවකටම ඔබෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඉතින් අපි අද හිතුවා හැරී පොටර් කතා මාලාව තුළදී අපිට මුණගැහෙන සත්තු පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්න.

 

ඔබට මතක ඇති හර්මයිනිගේ හුරතල් පූසා ගැන. නමුත් ඔබ දන්නවද පූසෙකුගේ පෙනුම තිබ්බට ඒ සතා පූසෙක්ම නෙමෙයි කියලා? ඔහු අර්ධ නීසල් (Kneazle) වර්ගයට අයත්  සතෙක්. පෙනුමෙන් පර්සියානු පූසෙකුගේ හැඩය ගත්තත් සාමාන්‍ය පූසෙකුට වඩා බුද්ධි මට්ටමෙන් ඉහළ සතෙක්. මේ සත්වයාට වංචාකාරී ස්වභාවයෙන් යුතු පුද්ගලයන් ස්වකීය ස්වරූපය වෙනස් කරගෙන තිබුණු අවස්ථාවකදී පවා හඳුනා ගැනීමට පුළුවන්.

 

අපිට මුලින්ම ඩොබීව මුණගැහෙන්නේ  හැරී පොටර් ඇන්ඩ් ද චේම්බර් ඔෆ් සීක්‍රට්ස් කතා මාලාවේදී. මුල් වතාවේදී අපිට ඔහු ගැන දැඩි කේන්තියක් ඇති වුණත් පසුව ඔහු පිළිබඳව අපිට ඇති වෙන්නෙ ආදරයක් සහ දුකක්. අතිශය කළගුණ සැලකීමේ ගුණයෙන් යුක්ත වූ ඩොබී අවසානයේදී හැරී ඇතුළු යහළුවන් වෙනුවෙන් සිය ජීවිතය පවා පරිත්‍යාග කරන්නේ ප්‍රේක්ෂකයන්ගේ ඇස් කඳුළින් පුරවාලමින්.

 

මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ සුරතලා වන ෆෝක්ස් ෆීනික්ස් වර්ගයේ කුරුල්ලෙක් වනවා. ස්වකීය මරණයේදී ගිනි ජාලාවක් මැද මිය යන මොවුන් ඒ අළු වලින් නැවත නැගී සිටිනවා. හැරීගේ සහ වොල්ඩමෝට්ගේ මායා යෂ්ටි සඳහා ද භාවිතා වී තිබුණේ ෆීනික්ස් කුරුල්ලන්ගේ වලිගයේ පිහාටුයි. එසේම මෙම කුරුල්ලන්ගේ කඳුළුවල තුවාල සුව කිරීමේ බලය තිබෙනවා. එමෙන්ම ගිනිදැල් මැදින් ඕනෑම පිරිසක් ආරක්ෂාකාරීව වෙනත් තැනකට ගෙන යාමේ හැකියාවද මොවුන් සතු වනවා.

 

සෙන්ටෝර් වර්ගයේ සත්වයෙකු වන ෆිරෙන්ස් අර්ධ අශ්ව හා අර්ධ මනුෂ්‍ය ස්වභාවයක් ගන්නවා. හැරී පොටර් පොත් පෙළ තුළ හොග්වර්ට්ස් මායා පාසලේ  ගුරුවරයෙකු ලෙස ද ඔහු කටයුතු කරනු ලබනවා. මේ නිසා ඔහුගේ ඥාතීන් සහ හිත මිත්‍රයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වන්නේ ඉන්ද්‍රජාලික ප්‍රජාව ඔවුන්ට දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස සළකන බව ප්‍රකාශ කරමින්. අවසාන සටනේදී හැරී සමඟ සටනට එක්වන ෆිරෙන්ස් තුවාල ලැබුවත් ජීවත්වීමට වාසනාව ලබනවා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here