හැඩට වැඩට අඳින්න ඔබ සතුව තිබිය යුතු ඇඳුම්.. – Sri News

0
17

විලාසිතා කියන්නේ දවසින් දවස වෙනස් වෙන දෙයක්. හැබැයි ඔබට දැනටමත් ඔබ සතුව තියෙන ඇඳුම් වලින් බොහෝ විලාසිතා කරන්නට පුළුවන්. ඉතින් මේ ඕනම විලාසිතාවක් කරන්න සහ හැඩට වැඩට අඳින්න කැමති ඔබ සතුව තියෙන්නම ඕන ඇඳුම් වර්ග මොනවද ? ඒ ගැන අපි කතා කරමු 

Classic Denims

සාමාන්‍ය සරල ගමනකට ඔබට සැහැල්ලුවෙන් යන්න අඳින්න පුළුවන් ඩෙනිම්ස් තමයි classic denims. මේකට ඕනෑම වර්ගයක ටී ෂර්ට් එකක් , crop top එකක් ගලපගන්න පුළුවන් නිසා ඔබට කාලවේලාවත් ඉතුරු කරගන්න පුළුවන්.

Sleek leggings 

උසස් තත්ත්වයේ ඇදෙන සුළු අමුද්‍රව්‍ය වලින් නිමවපු sleek leggings කියන්නෙත් ඔබට ඕනෑම ගමනකට භාවිතා කරන්න පුළුවන් පහසු ඇඳුම් වර්ගයක්. විශේෂයෙන්ම මේ legging වර්ගයට තරමක් ලොකු ටී ෂර්ට් එකක් හෝ ෂර්ට් එකක් ඔබට ගලප ගන්න පුළුවන් වගේම එයින් හොඳ පෙනුමක් ලබා ගන්නත් පුළුවන්

White T shirt 

ඕනම ඩෙනිම් වර්ගයකට හෝ කලිසම් වර්ගයකට ගලපගන්න පුළුවන් ටී ෂර්ට් වර්ගයක් තමයි සුදු පැහැති ටී ෂර්ට් එකක් කියන්නේ. ඉතින් විලාසිතා දෙක තුනකින් උනත් සුදු පාට ටී ෂර්ට් ඔබේ අල්මාරියේ තිබීම වරදක් නැහැ 

Denim jacket 

ඕනෑම විලාසිතාවක ඩෙනිම් ජැකට් එකක් ඔබට විවිධ ආකාරයෙන් විලාසිතා ගන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඕනම පැහැයක ටී ෂර්ට් එකකට උනත් මේ ඩෙනිම් ජැකට් එකක් ඔබට අඳින්න පුළුවන් නිසා සාමාන්‍ය සරල ගමනකට , පුංචි සාදයකට වුණත් සරිලන විදියේ ඩෙනිම් ජැකට් එකක් ඔබේ ඇඳුම් එකතුවට එකතු කර ගන්න

Denim skirt 

Denim skirt විලාසිතා දහස් ගණනක් මේ වන විට ලෝකයේ බිහිවෙලා තියෙනවා. ඉතින් ඒවායෙන් විලාසිතා කරන්න පුළුවන් ආකාරය ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. ඕනෑම ආකාරයේ ක්‍රොප්ටොප් එකක් හෝ ටී ෂර්ට් එකක් උනත් මේ වගේ ඩෙනිම් ස්කර්ට් එකක් එක ගලපගන්න පුළුවන්. ඒ වගේම තවත් ලස්සනක් එකතු කරගන්න ඔබට විවිධ ආකාරයේ බෙල්ට් වර්ගත් භාවිතා කරන්න හැකියාව තියෙනවා .

An easy dress

මේ කියන්නේ ඔබට ඇන්දම ඉතාම සැහැල්ලුවක් දැනෙන විදියේ ගවුම් ගැන. මේක ඕනෑම විලාසිතාවක දිග හෝ කොට ගවුමක් වෙන්න පුළුවන්. ඒ වගේම ඕනෑම වර්ණයක වෙන්නටත් පුළුවන්. සරල ගමනකට හෝ මිතුරු හමුවකට වගේ ඇඳගෙන යන්න සුදුසු මේ වගේ ගවුම් කිහිපයක් මිලදී ගෙන තියාගන්න එක ඔබට හොඳ ආයෝජනයක් වේවි.

Blazer 

ව්‍යාපාරික හමුවකට , ව්‍යාපාරික රැස්වීමකට , සම්මුඛ පරීක්ෂණයකට හෝ වෙනත් සරල නොවන ගමනකට ටිකක් තද පැහැයෙන් යුක්ත Blazer එකක් , ලා පැහැයකින් යුතු ෂර්ට් එකකට හෝ කෙටි ගවුමකට ගළපන්න පුළුවන්. 

ඉතින් මීට අමතරව ඔබට මේ ඇඳුම් හැඩකර ගන්න විවිධ සපත්තු ,ආභරණ ,කරාබූ, වළලු සහ බෙල්ට් වර්ග භාවිතා කරන්න පුළුවන්. නමුත් ඒ වර්ණ ගලපා ගන්න තරම් ඔබ නිර්මාණශීලී වෙන්නට ඕනේ. කාන්තාවක් කියන්නේ බොහොම නිර්මාණශීලී සහ smart කෙනෙක් නිසා ඔබට මේ විලාසිතා කරන්න ඒ තරම් අපහසු වෙන එකක් නැහැ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here