හරිහරන්ගේ ප්‍රසංගයේදී ඇති වූ තෙරපීමකින් පිරිසක් රෝහලේ

0
7

යාපනය, මුට්‍රවේලි ක්‍රීඩාංගනයේ පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඒ, එම ක්‍රීඩාංගනයේ පැවැති අධික තදබදය හේතුවෙන්.

දකුණු ඉන්දීය ප්‍රකට සංගීතඥයෙකු වන හරිහරන් ඇතුළු දකුණු ඉන්දීය සිනමා නළු නිලියන් කිහිප දෙනෙකුගේ

ප්‍රධානත්වයෙන් එම ප්‍රසංගය පැවැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ප්‍රසංගය නැරඹීම සඳහා විශාල පිරිසක් පැමිණ ඇති අතර තවත් පිරිසක් එම ක්‍රීඩාංගනයෙන් පිටත රැඳී සිට තිබෙනවා.

මේ හේතුවෙන් ඇති වූ තදබදයත් සමග පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here