Home ගොසිප් පුවත් හමුදාපති – ආරක්ෂක ලේකම් මන්ත්‍රී චන්දිමගෙන් සමාව ගිනිති

හමුදාපති – ආරක්ෂක ලේකම් මන්ත්‍රී චන්දිමගෙන් සමාව ගිනිති

0
12

parliament-incident

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තර්ජනය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතාගෙන් ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සමාව ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වීරක්කොඩි මහතා පැවැසුවේ එම සිද්ධියේ විමර්ශනයෙන් අනතුරුව කමිටුවේ දැනුම්දීම අනුව දෙදෙනා එසේ සමාව ගත් බවයි. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම තර්ජනය කිරීම සිදුවී ඇතැයි පැවසෙන්නේ

පසුගිය ඔක්තෝබර් මාසයේ දී ය.මේ සම්බන්ධයෙන් චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමෙන් පසු එම පැමිණිල්ල කතානායකවරයා විසින් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරනු ලැබීය.
ඒ අනුව එම කමිටුව චන්දිම වීරක්කොඩි මහතාගෙන් මුලින්ම ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. අනතුරුව එම ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේ හඬ පට පරීක්ෂා කිරීමේ දී එවැනි තර්ජනයක් සිදුව ඇති බව තහවුරුවීම නිසා කමිටුවේ දැනුම් දීම අනුව දෙදෙනා මෙසේ සමාව ගෙන ඇත.ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සන්නද්ධ හමුදාවල කාර්ය මණ්ඩලය ලක්ෂයක් දක්වා අඩු කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී

චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ඊට විකල්පයක් ලෙස සන්නද්ධ හමුදාවන්හි ඉහළ නිලධාරීන් කරන්නේ යයි පැවසෙන අනවශ්‍ය වියදම් පාලනය කිරීමට කටයුතු කළ යුතු බවට දැඩිව ප්‍රකාශ කර ඇත. මන්ත්‍රීවරයාට මෙම තර්ජනය කිරීම කර ඇතැයි පැවසෙන්නේ ඒ අවස්ථාවේ දී ය. මේ සිද්ධිය හේතුවෙන් එම කාරක සභාවේ උණුසුම් තත්වයක්ද ඇතිවී තිබිණැයි වාර්තා විය.
අංජුල මහික වීරරත්න



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here