හදිසියේ ගොඩබැස්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය යථා තත්ත්වයට පත් කරන්න තාක්ෂණික කණ්ඩායමක් මෙල්බර්න් යයි

0
5

තාක්ෂණික දෝෂයක් හට ගත් ශ්‍රී ලන්කන් ගුවන් යානය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ  මෙල්බර්න් ගුවන් තොටුපොළ බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

එම ගුවන් යානය මෙල්බර්න් සිට කොළඹ බලා පියාසර කරමින් තිබියදී තාක්ෂණික දෝෂය හට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

වහා ක්‍රියාත්මක වූ ගුවන් නියමුවන් විසින් අදාළ ගුවන් යානය යළි මෙල්බර්න් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.

ගුවන් යානය නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් එහි සිටි ගුවන් මගීන් පිරිසට හෝටල් නවාතැන් පහසුකම් සැපයීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here