සේරුවිල විල්ගම්වෙහෙර ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය සහ මහ පෙරහැර

0
6


සර 2200කට පෙර සේරුවිල මංගල මහා සෑ රජුන් සමීපයෙහි ඉදි වූ (සේරුවිල මංගල මහා සෑ රජුන් ඉදිවීමට පෙර) රුදුරු ආක්‍රමණයන්ගෙන් මෙන් ම කාලයාගේ ඇවෑමෙන් නටබුන් ව වන ගත වී තිබූ සේරුවිල විල්ගම්වෙහෙර මහා සෑ රජාණන් වහන්සේ නැවත ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කොට එම සෑ රජාණන් වහන්සේ තුළ ධාතූන් වහන්සේලා නිධන් කොට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු වස්, 2016-03-18 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා ද, අරහන්තක ධාතූන් වහන්සේලා ද, මහත් වූ හරසරින් සේරුවිල මංගල රජමහා විහාරයට වඩමවා නානාවිධ පූජෝපහාර මධ්‍යයේ අසිරිමත් ධාතූන් වහන්සේලාව සැදැහැති ජනයාට වන්දනාමාන කිරීම පිණිස මංගල මහා සෑ මළුවේ තැන්පත් විය.

මුළු මහත් තුන් ලොවට සැනසුමේ මග කියා දී දෙව් මිනිස් සත් වගට දෙලොව සෙත සදාලූ, සියලු ආකාරයේ පුද පූජාවන්ට සුදුසු වූ, අපගේ ශාස්තෘ වූ දිවමන් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ හා සමාන උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රධාන කොට, මහා තේජස් ඇති, මව්වරුන්ගේ ලොවට රැකවරණය සැලසූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ සහිත අරහන්තක ධාතූන් වහන්සේලා සහිත කරඬුව,

පෙර රජ දවස පැවැත්වූ ධාතු නිධානෝත්සව මංග්‍යයන් යළි සිහිපත් කරවමින් 2016-03-19 වන දින සේරුවිල මංගල මහා සෑ රජුන්ගේ සෙවණේ සිට සඳ රැසින් හාත්පස බබුළුවන සීතල රැයේ දී නා නා භරණින් සැරසූ මංගල හස්තිරාජයා පිට තැන්පත් රන්සිවි ගෙයක වඩා හිඳුවා සේසත්, මුරායුධ, ධජ පතාක මධ්‍යයේ උඩරට, පහතරට, සබරගමු ආදී විචිත්‍රවත් නර්තන සහ අලි ඇතුන් පෙරටු කොටගත් මහා පෙරහැරින් විල්ගම්වෙහෙරට වඩමවා, රන් රිදී මුතු මැණික් ආදී වටිනා රත්නයන් සමගින් අලංකාර කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිරිපිට සුවහසක් සැදැහැතියන්ගේ බුදු ගුණ සජ්ඣායනා සාධු නාද මධ්‍යයේ තවත් දෙදහස් පන්සිය වසරක් දෙව් මිනිසුන්ට පුද පූජා වන්දනාවන් පවත්වනු පිණිස, මහා සංඝරත්නයේ පින්වන්ත දෑත්වලින් සුවඳ සඳුනෙන් සුවඳවත් කළ රන් රිදී මල්වලින් විචිත්‍රවත් කළ ඒ විල්ගම්වෙහෙර මහා සෑ රජුන්ගේ ශෛලමය සුගන්ධ ගර්භයේ තැන්පත් කළ වග යි.

//

Posted by Mahamevnawa Monastery on Monday, March 21, 2016

//

Posted by Mahamevnawa Monastery on Monday, March 21, 2016

The post සේරුවිල විල්ගම්වෙහෙර ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය සහ මහ පෙරහැර appeared first on Mahamevnawa Bhawana Asapuwa.





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here