සෙලාන් ඩිවලොප්මන්ට් පීඑල්සී, පදවිය මහසෙන් ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ ජල පිරිපහදු ව්‍යාපෘතිය සිසු අයිතියට පවරයි – Sri News | Sri Lanka Business News

0
14

සෙලාන් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම  2023 වසර සඳහා ක්‍රියාවට නැංවූ ප්‍රධාන පෙළේ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් වූ පදවිය මහසෙන් ප්‍රාථමික විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍රාගාරයක් ලබාදීමේ වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. 

සිසුන් 545 දෙනෙකු ඉගෙනුම ලබන පදවිය මහසෙන් ප්‍රාථමික විද්‍යාලයේ සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව 20 කි. මෙම ප්‍රදේශයේ පානීය ජල ගැටලුව උග්‍ර ලෙස පවතින අතර, ප්‍රදේශයේ වකුගඩු රෝගද සුලබ ය. මෙම පාසලේ මෙතෙක් පානීය ජල පහසුකම් නොතිබූ අතර, දෙමාපියන්ට දවස පුරා මැටි කළවලට ජලය පුරවා පන්ති කාමරවල තැබීමට සිදු විය. මෙය එක් අතකින් දුෂ්කර ක්‍රියාවක් වූ අතර, අනෙක් අතින් ඒ සඳහා කාලය වෙන්කර ගැනීම දෙමාපියන්ට අපහසු වී තිබිණි.

මෙම ගැටලුව හඳුනා ගනිමින්, තම ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ මෙම පාසලට ජලය පිරිපහසු කිරීමේ පහසුකම් ලබාදීමට සෙලාන් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම තීරණය කළේ ය. මේ සඳහා සමාගම විසින් රු. මිලියන 1.5කට අධික මුදලක් ආයෝජනය කරන ලදී.

තිරසාර හා ප්‍රජා-කේන්ද්‍රීය සංවර්ධනයක් උදෙසා සෙලාන් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම දක්වන කැපවීමට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලද අතර, මෙය පදවිය මහසෙන් ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ට හා ගුරුවරුන්ට පමණක් නොව ප්‍රදේශවාසීන් සියලුම දෙනාට සෙත සැලසෙන පියවරක් වනු ඇත.

“මෙම ව්‍යාපෘතිය සාර්ථක ලෙස ක්‍රියාවට නංවමින් පදවිය මහසෙන් ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ගේ හා ගුරුවරුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට දායක වීමට හැකි වීම අපට මහත් සතුටක්. ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන් හරහා සෑම විටම ප්‍රජාවන් වෙනුවෙන් අර්ථවත් මෙහෙවරක් ඉටුකිරීමට අප උත්සාහ කරනවා. මෙම ව්‍යාපෘතිය, තිරසාර සංවර්ධනයක් උදෙසා අප දරන උත්සාහයන්ට මනා උදාහරණයක්. රටේ දරුවන්ට, ඔවුන් කොහේ සිටියත්, පිරිසිදු පානීය ජල පහසුකම් හිමි විය යුතුයි. මෙය ශ්‍රී ලංකාවේ ජල පහසුකම් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා අප ගන්නා දැවැන්ත උත්සාහයක මුල් පියවර පමණයි.” සෙලාන් ඩිවලොප්මන්ට් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති එස්. පළිහවඩන පැවසී ය.

ජල පිරිපහදු යන්ත්‍රාගාරය නිල වශයෙන් භාරදීමේ උත්සවය 2024 ජනවාරි 31 දින පැවැත්විණි. මෙම යන්ත්‍රාගාරය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ එහි නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා දිගින් දිගටම අදාළ පාසැල, ප්‍රදේශයේ ජනතාව සහ රජයේ බලධාරීන් සමග එක්ව කටයුතු කිරීමට සෙලාන් ඩිවලොප්මන්ට් පීඑල්සී සමාගම සහ සෙලාන් බැංකුව අපේක්ෂා කරයි.

 

The post සෙලාන් ඩිවලොප්මන්ට් පීඑල්සී, පදවිය මහසෙන් ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ ජල පිරිපහදු ව්‍යාපෘතිය සිසු අයිතියට පවරයි appeared first on Sri News | Sri Lanka Business News.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here