‘සූරිය මංගල්ලේ’ විකෘති කල අය අත්අඩංගුවට.. ඔහු සුරාබදු නිලධාරියෙක්..

0
13

සූරිය මංගල්‍යයේ ගීතය විකෘති කරමින් සමාජ ජාල වලට මුදාහලේ යැයි සැකපිට සුරා බදු නිලධාරියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාස නිලධාරීන් පිරිසක් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළ ප්‍රදේශයේදීය.

සංගීත ශිල්පී රෝහණ බැද්දගේ විසින් ගායනා කරන ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘති කිරීම පිළිබඳව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

තලාතුඔය ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු වාරියපොළ පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here