සූර්යා වෙතින් දේශීය උරුමය රැකගනිමින් යහපත පතුරුවන්නට නව සාම්බ්‍රානි නිෂ්පාදනයක් – Sri News | Sri Lanka Business News

0
14

Sun Match සමාගම සතු දශක 40 කට අධික උරුමයක් සහිත දොරින් දොර මිනිසුන්ගේ හදවත් තුළ ජීවත්වන සන්නාමයක්වන සූර්යා, සිය නවතම නිෂ්පාදනයවන ‘සූර්යා සාම්බ්‍රානි’ වෙළඳපොළට හඳුන්වා දී තිබේ. සුවඳ ධූපයක් ලෙස මෙන්ම අසුභ බලවේග පලවා හැර ජීවිතයට යහපත ගෙනෙන දෙයක් ලෙස දීර්ඝ කාලයක පටන් සාම්බ්‍රානි භාවිතා වී ඇත.

මෙම නව නිෂ්පාදනය හඳුන්වා දීම පසුගියදා ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී සිදුකෙරුණු අතර, සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සන්නාම තානාපතිනියවන රිදී තිරයේ ජනප්‍රිය හා ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම මහත්මිය සහ සූර්යා අලෙවි නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

“වසර 40 ක් පුරා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනූ සන්නාමයක් වශයෙන්, ඈත අතීතයේ පටන් ජනතාව සිය යහපත වෙනුවෙන් භාවිතා කළ මෙම සුවඳ ධූපය වර්තමාන පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමට හැකිවීම අපට මහත් සතුටක්. සම්ප්‍රදාය හා නවීන ජීවන රටා එකට ඒකාබද්ධ කිරීමට සූර්යා කැපවී සිටින අතර, මෙම නව නිෂ්පාදනය හඳුන්වා දී ඇත්තේ එම කැපවීමෙහි තවත් ප්‍රතිඵලයක් ලෙසයි. මෙය රටේ ප්‍රජාවන්ගේ සංස්කෘතික හා ආධ්‍යාත්මික අංග සමග බැඳුණු, ඉහළම ප්‍රමිතියකින් යුත් නිෂ්පාදන හඳුන්වා දීමට සූර්යා දරන උත්සාහයේ තවත් පියවරක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.”

ආධ්‍යාත්මික භාවිතාවන්ට අමතරව සාම්බ්‍රානි සිත සැහැල්ලු කිරීමේ බලයක් මෙන්ම මදුරුවන්, කෘමීන්, බැක්ටීරියා හා ඇතැම් වෛරස් වර්ග පිටුදැකීමේ හැකියාවක් සහිත ධූපයක් ලෙස සැලකේ.

කුඩු සහ කප් සාම්බ්‍රානි වශයෙන් සූර්යා සාම්බ්‍රානි මිලදී ගත හැකි අතර, සිතේ ඒකාග්‍රතාවට හා ආධ්‍යාත්මික හැඟීම්වලට උපකාරීවන, දිගු කාලයක් පවතින රෝස සුගන්ධයක් සහිතව නිෂ්පාදනයකර ඇති නිසා එය වෙළඳපොළේ පවතින අනෙකුත් නිෂ්පාදන අතර කැපී පෙනෙන නිෂ්පාදනයක් වෙයි.

“සූර්යා සාම්බ්‍රානි හඳුන්වා දීමේ අවස්ථාවට සහභාගී වීමට හැකි වීම මට මහත් සතුටක්. එය ශ්‍රී ලාංකික සංස්කෘතියේ ආධ්‍යාත්මික උරුමය කැටිකොටගත්, හදවත් එකමුතු කිරීමේ හැකියාව සහිත සුගන්ධයක් ලෙස මා දකිනවා. උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන සූර්යා සාම්බ්‍රානි නිෂ්පාදනයකර ඇත්තේ සිතේ සැහැල්ලුව ඇතිකරන සැනසිලිදායක පරිසරයක් නිර්මාණය කිරීමට හැකිවන ආකාරයටයි. දෛනික චාරිත්‍ර වාරිත්‍ර රටා වැඩිදියුණු කරමින්, එයට මුල් වූ පාරිශුද්ධත්වය සහ අකාලික සම්ප්‍රදාය අත්විඳින මෙන් මා සියලුම දෙනාට ආරාධනාකර සිටිනවා.” යශෝධා විමලධර්ම මහත්මිය පැවසුවා ය.

නව කප් සාම්බ්‍රානි නිෂ්පාදනයකර ඇත්තේ භාවිතය පහසුවන පරිද්දෙනි. මෙහිදී සාම්බ්‍රානි දැල්වීමට අඟුරු හෝ පොල්කටු අවශ්‍ය නොවන නිසා, එය කාර්යබහුල පුද්ගලයන්ට සංස්කෘතික හා ආගමික කටයුතුවලදී ඉමහත් සහනයක් ගෙනෙනු ඇත.

මේ වනවිට ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගන්නා, සුවකිරීමේ ගුණය සහිත නිෂ්පාදන කෙරෙහි පාරිභෝගිකයන් වැඩි වශයෙන් නැඹුරුවන ප්‍රවණතාවක් පවතින බැවින්, නව සාම්බ්‍රානි නිෂ්පාදනය පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වනු ඇතැයි සමාගම විශ්වාසය පළකරයි. මෙම නිෂ්පාදනය වෙළඳපොළට පැමිණෙනුයේ බාහිර අභියෝග මධ්‍යයේ බොහෝ දෙනෙකු ආධ්‍යාත්මිකත්වය තුළින් සහනයක් සොයන අවධියක වීමද එහි සාර්ථකත්වයට බලපානු ඇත.

සුභ මොහොතකදී පහන් දැල්වීම සඳහා භාවිතාකරන ගිනි පෙට්ටිවල සිට, හඳුන්කූරු සහ ඉටිපන්දම් ආදිය දක්වාම ශ්‍රී ලාංකික ජනතාව සූර්යා නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තබා තිබේ. නව සාම්බ්‍රානි නිෂ්පාදනය, මේ ආකාරයට ජනතාව සහ Sun Match සමාගම අතර පාරම්පරිකව පවතින සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරනු නිසැක ය.

The post සූර්යා වෙතින් දේශීය උරුමය රැකගනිමින් යහපත පතුරුවන්නට නව සාම්බ්‍රානි නිෂ්පාදනයක් appeared first on Sri News | Sri Lanka Business News.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here