සුසිරිත් හුරු කරමු…… – Sri News

0
9


දියුණුව අපේක්ෂා කරන පුද්ගලයා දුසිරිත් වලින් දුරු වීම පමණක් ප්රමාණවත් වන්නේ නැහැ. සුසිරිත් ද හුරු කළ යුතුයි. දුසිරිත් වලින් දුරු වීම ගොයම් කෙතක වල් පැලෑටි උදුරා දැමීම වැනි ය. සුසිරිත් හුරුකිරීම කෙතට පොහොර ජලය ආදිය යෙදීම වැනි ය. කුඹුර සරුසාර කර ගැනීමට ඒ දෙකම අවශ්යව ඇත .මානව සංවර්ධනය සඳහාද දුසිරිත් වලින් දුරු වීම සමගම සුසිරිත් හුරු කිරීම අත්යවශ්ය කරුණකි .

 

එනිසා බුදුරජාණන් වහන්සේ පුද්ගලයා දුරුකලයුතු ලාමක ධර්ම දැක්වීමෙන් අනතුරුව හුරු කළ යුතු සුසිරිත් දැක්වූ සේක. ඒවා සිඟාලෝවාද සූත්රයෙහි සඳහන් වන්නේ ඡද්දිසා පටිච්ක්ඡාදනය හෙවත් සදිසා නමස්කාරය හා සතර සංග්රහ වස්තුව වශයෙනි.

සිඟාලෝවාද සූත්රයෙන් පැහැදිලි වන ආකාරයට මානව සමාජය ක්රියාත්මක වන්නේ පුද්ගල සම්බන්ධතා පවත්වන ආකාරයෙන්. ඒවා යුගල 6ක් වශයෙන් මෙසේ දක්වන්නට පුළුවන්

 

මෙම සම්බන්ධතාවන් ක්රියාත්මක වන්නේ එක් එක් පක්ෂයක් අනෙක් පක්ෂය සඳහා කළ යුතු දේ ඉටු කිරීම් වශයෙනි.

එක් පක්ෂයක යුතුකම ඊට සමාන්තර අනෙක් පක්ෂයේ අයිතිවාසිකමක් ලෙස හැඟී යන නමුත් බුදුරජාණන් වහන්සේ අවධානය යොමුකරවා තිබෙන්නේ අයිතිවාසිකම් වලට වඩා යුතුකම් කෙරෙහිය.

සෑම පාර්ශවයකින් ම යුතුකම් නොපිරිහෙලා ඉටු වන විට අයිතිවාසිකම් ඉල්ලීමක් අවශ්ය වන්නේ නැති බව බුදුන් වහන්සේ දේශනා කළා.

 

හැම දෙනා අතරම සුහද සම්බන්ධතා ගොඩනැගෙන නිසා අවුල් පරිසරයක් හෝ සමාජයේ අවුලක් ඇති නොවීම ඉන් සිදුවන්නක් .

පක්ෂයකින් හෝ යුතුකම් ඉටු නොවන විට සම්බන්ධතා පලුදු වෙලා යනවා. අවුල් ඇති වෙනවා. ඒ නිසාම සිඟාලෝවාද සූත්රය මගපෙන්වන්නේ යුතුකම පදනම් කරගත් සමාජයක් ගොඩනගා ගැනීමටයි. ඒ සඳහා සදිසා නමස්කාරය හා සතර සංග්රහ වස්තුව ඉදිරිපත් කරලා තියෙනවා. දානය ප්රිය වචනය අර්ථ චර්යාව හා සමානාත්මතා යනු සතර සංග්රහ වස්තු ලෙස නම් කරන්නට පුළුවන්.

දරුවන්ට මවුපියන් පෙරදිග හා සමාන වෙයි. පෙරදිගින් නැගෙනහිර සත්ත්ව ජීවිතවල හා ශාක ජීවිතවල පැවැත්මට මූලික ශක්තියක් ලබා දෙනවා.

 

අපේ දියුණුවට අවශ්ය මූලික පදනම දමන්නේ මවුපියන් .දරුවන් වගකීම් දැරිය හැකි පුද්ගලයන් වන තුරු පමණක් නොවෙයි, ඇතැම් විට ඉන් පසුවත් ඔවුන්ගේ අවශ්යතා හැකි පමණින් ඉටු කරමින් මවුපියන් ක්රියා කරන්නේ මහත් දරු සෙනෙහස කින්.

ඒ ආකාරයෙන් අන් සියලු දෙනාටම ඉදිරියෙන් සිට පළමුවම දරුවන් හට උපකාරී වන බැවින් මවුපියෝ පෙරදිග ලෙස හැඳින්වෙනවා .තම යුතුකම් හා වගකීම් මනා ලෙස වටහා ගත් මවුපියන් දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් කාර්ය පහක් සිදුකරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එබඳු මවුපියන්ට දරුවන් ගෙන් යුතුකම් පහක් ඉටු විය යුතු බව ද දේශනා කර තිබෙනවා. පළමුව දරුවන්ගේ යුතුකම් ද අනතුරුව මවුපියන් ගේ යුතුකම් ද දක්වා තිබෙන්නේ දූ දරුවන්ගේ අවධානය මවුපියන් වෙත යොමු කිරීමටයි.

මෙම යුතුකම් දෙපාර්ශ්වයෙන්ම නිසි ලෙස ඉටු වන්නේ නම් මා-පිය දූ-දරු ගැටලු පැන නැගීමට ඉඩක් නැහැ. දෙමාපිය වටිනාකම හා තම යුතුකම හදුනාගත් නොමඟ නොයන දරුවන් පිරිසක් සමාජයෙහි බිහිවෙනවා.

ජීවිතයේ පසු භාගයේ අනාථව අසරණව මහමග හෝ වැඩිහිටි නිවාසවල හෝ කල් ගත කරන වැඩිහිටි පිරිසක් දක්නට නොලැබෙනු ඇත. දෙමාපියන් විසින් තම දරුවෝ රැක බලා ගනිති.දරුවෝ මවුපියන්ට රැකවරණය සලසති.

දකුණු දිසාව වන්නේ ගුරුවරුන්. ගුරුවරු අපගේ යහපතට මග පෙන්වන්නෝය. දකුණු දිසාව ලෙස හැඳින්වූයේ පිදිය යුතු වූ ගරු බුහුමන් කළ යුතු හොත් පිරිසක් නිසාය.තම වගකීම මැනවින් වටහාගත් ගුරුවරුන් මනා ශිල්ප ශාස්ත්ර ඥානයක් හා ශික්ෂණයක් ඇති සිසු පිරිසක් බිහි කිරීමට ක්රියා කරනවා.

ශිෂ්යයොත් එම ගුරුවරුන්ට සතුටු විය හැකි පරිදි හා වඩ වඩාත් කැපවීමෙන් තම සේවය ඉටු කිරීමට සිත් පහළ වන පරිදි තම යුතුකම් ඉටු කරනවා

 

පශ්චිම දිසාව නම් බිරිඳ සහ දරුවන්. නිවසේ ප්රධානියා සැමියා ලෙස ගත් ගත් විට බිරිඳ එම සැමියා අනුව යන්නියක්. ඔහු පසුපසින් නිතරම සිටින්නේ බිරිඳයි. දරුවෝ ද පියා අනුව යති .එබැවින් අඹු දරුවෝ පැසුළු දිග ලෙස හදුන්වයි. පූර්ව දිසා නමස්කාරයේ දී දරුවන්ට අදාළ කරුණු දැක්වූ බැවින් භාර්යා යුතුකම් පිළිබඳව පශ්චිම දිසා නමස්කාරය එනම් බිරිඳට යුතුකම් ඉටු කිරීම හා සැමියාටද බිරිඳ විසින් ඉටු විය යුතු කරුණු දක්වමින් පවුල් අවුල් තත්ත්වයකට පත්වූ විට මුළු සමාජයේම ගැටලු පැන නැගීම මේ හරහා සමතයකට ප්ස්ත් කර ඇත. එබැවින් මෙම ස්වාමි භාර්යා යුතුකම් ඉටු වීම පෞද්ගලික කටයුත්තක් පමණක් නොවේ.

එය සමාජ සත්කාරයක්….

උතුරු දිසාව නම් මිතුරන් ය. මිතුරන් උතුරුදිග ලෙස හැඳින්වෙන්නේ මිතුරාට දුකින් විපතකින් මිදීමට මිතුරා උපකාර වන බැවින්.

මිත්රත්වය සුරකින්නේ ඔවුනොවුන් ක්රියා කරන ආකාරය අනුවයි. පළමුව තමා මිතුරාට යුතුකම් ඉටුකළ යුතුයි. ඉන්පසු මිතුරාගෙන් යුතුකම් ඉටු වනු ඇත .මෙය එක් ආකාරයට මිතුරාට අවශ්ය දෙයක් දීමයි. මේ යන්නෙන් අදහස් කෙරෙන්නේ ඔහුගෙන් යමක් බලාපොරොත්තු වීම නොවෙයි. පරිත්යාගයයි.

මත්ද්රව්ය වැනි අහිතකර දෑ දීම දානයට අයිති නොවේ මත්වතුර පානය කර අතරමං වී සිටින තැනැත්තා පමණක් නොවෙයි ඔහුගේ ධනය පවා ආරක්ෂා කර ගැනීම නියම මිත්රකමේ ලක්ෂණයයි. ඔහුව ආරක්ෂා කරගෙන යහ මඟ පෙන්විය යුතුයි. මේ මිත්ර සම්බන්ධතාව සමාජ සංවර්ධනයට අවශ්ය වූවත් ඇතැම් විට මිත්රයා අනෙක් කිසිවෙකුට වඩා පුද්ගලයෙකුගේ ජීවිතය කෙරෙහි බලපානවා. එනිසා අප සැම දෙනාම යහපත් මිත්රත්වය යහපත් මිත්රත්ව ලක්ෂණ වලින් යුක්ත විය යුතුයි.

හෙට්ටි ව දිසාව ලෙස නම් කෙරෙන සිඟාලෝවාද සූත්රයෙහි සඳහන් වන්නේ දැසි දස් කම්කරුවන්ට ය .

ඔවුන් යට දිසාව ලෙස සැලකෙන්නේ ස්වාමියාට යටහත් ගතිගුණ ගතිගුණවලින් යුක්ත වන බැවින් .

හෙට්ටි ම දිසා නමස්කාරය කියා හඳුන්වන්නේ දැසි දස් කම්කරුවන්ට යුතුකම ඉටුකිරීමයි. සිඟාලෝවාද සූත්රයෙහි පළමුව දැක්වෙන්නේ ස්වාමි පක්ෂය යුතුකම් එසේම ගෘහ සේවකයින්ගෙන් තම ස්වාමියාට හෝ ස්වාමියාට යුතුකම් ඉටු විය යුතුයි කර්මාන්ත ශාලාවක් වැනි තැනකට අදාළ කරන විට වේලාසන සේවා ස්ථානයට පැමිණීම නියමිත සේවාව අවසන් නොකර වේලාසනින් සේවයෙන් පිට නොවීම වැනි කරුණු සැලකිය හැකියි.

මෙහි දැක්වූ සේව්ය සේවක යුතුකම් නිසි පරිදි ඉටු වන්නේ නම් වැඩ වර්ජන කම්කරු ආරවුල් ගෘහසේවක දිවි නසා ගැනීම් ආදීසිදු නොවී සාමකාමී පරිසරයක් ගොඩ නැගෙනු ඇත

 

උඩ දිසාව නම් පැවිදි උතුමන් ය .බුදු සසුනේ පූජ්ය පක්ෂය වශයෙන් ද වෙනත් ඇතැම් ආගම්වල පූජක පක්ෂය වශයෙන් ද හැඳින්වෙන පිරිස උඩ දිසාව ලෙස හැඳින්වෙයි උතුමන්ට යුතුකම් ඉටු කිරීම උදෙසා නමස්කාරයයි.

සතර සංග්රහ වස්තුව නම් දානය ප්රිය වචනය අර්ථ චර්යාව සහ සමානාත්මතාවයයි.

මේ ආකාරයෙන් මිතුරු හිතමිතුරු සම්බන්ධතාව දැක්වීමේ දී ද මෙම තත්ව සඳහන් වෙනවා. ලාභ අපේක්ෂාවෙන් තොරව කරන පරිත්යාගය දානයයි. බොරු කේලාම් අසභ්ය හා රළු නිරර්ථක යන වචනවලින් තොර අසන්නට ප්රිය වචන මාලාවේ ඇතිවන වචන ප්රිය වචනයි. එහි චර්යාව නම් පොදු යහපත සඳහා කටයුතු කිරීමයි.

තමා අනුන් හා සමාන කොටද කිසිදු භේදයකින් තොරව සියලු දෙනා සමානව ක්රියා කිරීම සමානාත්මතාවයයි. කිසියම් අවස්ථාවකට මුහුණදීමේදී තමන්ට මෙන්ම අන් අයටද ඇතිවන සිතුවිලි සමාන වන බැවින් පොදු හැඟීමකින් ක්රියා කිරීම මීට අයිතියි.

ඕනෑම සමාජයක යහපැවැත්ම සඳහා මෙම කරුණු හතර බෙහෙවින් උපකාර වෙනවා. එනිසාම සතර සංග්රහ වස්තුව වාහනය ක රෝදය ගැලවීම වැළැක්වීම සඳහා සවි කරන ඇණයට උපමා කර දක්වනවා.

ඇණය ගැලවී ගියොත් රෝදය ද ගැලවී යනවා. එවිට රථයේ ගමන නවතිනවා. එමෙන්ම සතර සංග්රහ වස්තුව ක්රියාත්මක නොවන සමාජයෙහි මවුපියන්ට සැලකීම දරුවන්ට සැලකීම ආදී කිසිවක් ක්රියාත්මක වෙන්නේ නැහැ .

එබඳු සමාජය ක ධාර්මික පැවැත්මක් නැහැ. සදිසා නමස්කාර යත් සතර සංග්රහ වස්තුවත්, සමාජ ගැටලු විසඳා යහපත් සමාජයක් ගොඩ නගන්නට අවශ්ය කරන සුසිරිත් බව අපට මනාව පැහැදිලි කරනවා.

ඒවා පුරුදු පුහුණු කිරීමට …අප පුරුදු පුහුණු වීමත්, එසේ කරවීමත් හා හා එසේ පුරුදු පුහුණු කිරීමේ වැදගත්ම කියාදීමට අප උනන්දු විය යුතුයි….

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here