සුසිත්ගේ ඝාතනයට 9ක් රිමාන්ඩ් – Sri News දේශීය පුවත්

0
4

කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පෙම්වතිය ඇතුළු සැකකරුවන් 9 දෙනා එළැඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

එම සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

කුලියාපිටිය ප්‍රදේශයේ දී සුසිත් ජයවංශ නැමැත්තා පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධියට ඔහුගේ පෙම්වතිය බව පැවසෙන තරුණිය අත්අඩංගුවට ගනු ලැබුවා.

තරුණියගෙන් දීර්ඝ වශයෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු රැසක් ද හෙළිවී තිබෙනවා.

කුලියාපිටිය ඉලුක්හේන ප්‍රදේ‍ශයේ දී මෙම 31 හැවිරිදි පුද්ගලයා අප්‍රේල් 22 වනදා පැහැරගෙන ගොස් තිබුණා.

පසුව ඔහුගේ සිරුර මාදම්පේ පානිරෙන්ඩාව රක්ෂිතයේ තිබි සොයා ගැනුනේ පසුගිය හත්වනදායි.

මෙම තරුණිය සමග ප්‍රේමසබදතාවක් පවත්වාගෙන ගොස් තිබු ඝාතනයට ලක්වු සුසිත් ජයවංශ නැමැත්තා මීට පෙර විවාහකව සිට බිරිදගෙන් වෙන්වු අයෙක්. ඔහුගේ පෙම්වතිය බව පැවසෙන මෙම තරුණිය සුසිත්ගේ ඝාතනයත් සමග අතුරුදන්ව සිටියා.

ඇය මීගමුව ප්‍රදේශයේ පිහිටි ඥාතී නිවසක රැදි සිටින බවට ලැබුණ තොරතුරු මත කළ දැනුම් දීමකට අනුව ඇය ඥාතියෙකු සමග කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම / ඝාතනය සිදුකර එම අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේ 18 හැවිරිදි මෙම තරුණිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමා 15 වන වියේ පසුවෙද්දි සුසිත් නැමැත්තා පිහියක් පෙන්වා මරාදමන බවට තර්ජනය කර නිවසේ උඩුමහලට රැගෙන ගොස් පළමුවතාවට තමා දුෂණය කළ බවයි.

ඉන් අනතුරුව වරින්වර තමන් දුෂණය කළ බවත් මරා දමන බවට තිබු බිය හේතුවෙන් දෙමාපියන්ට මේ බව දැනුම් නොදුන් බවත් ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

තමා ගැබ් ගෙන ඇති බව දැනගත් පසු සුසිත් ජයවංශට දැනුම්දුන් බවත් ඔහු පෙති පහක් තමාට ලබාදුන් අතර ඒවා පානය කිරීමෙන් පසු ගබ්සා වු බවත් ඇය පොලිසිය හමුවේ තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වුව ද ඝාතනයට ලක්වු සුසිත් තවත් තරුණියක සමග ද ප්‍රේමසබදතා පවත්වාගෙන ගොස් තිබු බවත් ඇය ද ගැබ්ගත් පසු ගබ්සාවක් සිදුකරගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිගිති යන අන්වර්ථ නමින් හදුන්වන තරුණියගේ පියා මෙන්ම ඇගේ මව ඇතුලු 7 දෙනෙකු මේ වන විට රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා.

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here