සුමතිට ලොකු පුටුවක්

0
4


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී) දූෂණ විරෝධී ඒකකයේ මීළඟ ස්වාධීන සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරනු ලබන සුමති ධර්මවර්ධන පත්කරන බව අයි.සී.සී ය  (30 වැනිදා) නිවේදනය කර සිටියේය.

2010 මැයි මාසයේ සිට වසර 14ක් එම තනතුරේ කටයුතු කළ ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් අද සිට විශ්‍රාම යන බැවින් මෙම නව පත්කිරීම සිදුකර තිබේ. මේ අනුව සුමති ධර්මවර්ධන සිය නව තනතුරේ රාජකාරි හෙට (1 වැනිදා) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත. ජනාධිපති නීතිඥයකු වන හෙතෙම ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු වන අතර විවිධ නීතිමය කටයුතු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළුව ශ්‍රී ලංකා රජය නියෝජනය කර තිබේ. එමෙන්ම ජාත්‍යන්තර පොලිසිය සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමග ක්‍රීඩාවේ දූෂණ විමර්ශනය කිරීම මෙන්ම ක්‍රීඩා පනතට අදාළ වැරදි වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සහ නඩු පැවරීම් කිහිපයක් අධීක්‍ෂණය කර ඇති ඔහුට අනෙකුත් ගෝලීය ක්‍රීඩා සංවිධාන සමග සාකච්ඡා වෙනුවෙන් ද ශ්‍රී ලංකා රජය නියෝජනය කර අත්දැකීම් ඇත.

 අයි. සී. සී. දූෂණ විරෝධී ඒකකයේ ස්වාධීන සභාපතිවරයා එම ඒකකය අධීක්‍ෂණය කිරීම සහ මෙහෙයවීම සමගින් දූෂණයට එරෙහිව ක්‍රීඩාව ආරක්ෂා කිරීම සඳහා වගකීම දරයි.

lankanewsweek



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here