සුන්දර අසුන්දර තැන් හමුවන දිගු සසර ගමන – Sri News

0
14


බුදුන්වහන්සේ මේ සංසාරය විග්රහ කරලා තියෙන්නේ කරල තියෙන්නෙ මේ සංසාරය අනවරාග්ර යි සංසාරය ගැන සීමා පනවන්න බැහැ කියලයි.

ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාරය අවසන් නොවන ගමනක් බවත් ආරම්භයක් කෙළවරක් දැක ගන්නට බැරි දෙයක් බවත් අවිද්යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්ත්වයන් සුගති දුගති වල සැරි සරමින් යන මේ ගමනේ මුල් කෙළවරක් දැක ගැනීමට අපහසු බවත් උන්වහන්සේ වදාළා…

 

ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතයේ ආරම්භක කෙළවරක් හෝ ලෝක සත්වයන් ගේ ජීවිතවල ආරම්භක කෙළවරක් හෝ දැකිය නොහැකි බව මැනැවින් පෙන්වා දී තිබුණා.

උපමාවකින් ඒ ගැන දේශනා කර තිබෙන්නේ සංයුක්ත නිකායේ නිදාන වර්ගය මහපොළොව මුල් කොට වදාළා වදාළ සූත්ර දේශනාවේ….

එහි සඳහන් වන්නේ මෙන්න මේ ආකාරයටයි….

එක්තරා පුරුෂයෙක් මේ මහ පොළොවේ ම පස් …පොඩි වෙරලුගෙඩි ප්රමාණයකට ගුලිකර මේ තමයි මගේ පියා මේ පසුගිය භවයේ පියා ආදී වශයෙන් වෙන් කලත් තමන්ගේ සංසාරේ පියවරුන්ගේ පරම්පරාව ඉවර නොවී තිබියදී ම අවසන් නොවී තිබියදී ම මේ මහපොළොව ඉවරවෙලා අවසන් වෙලා යනවා කියලා ..

මව්වරුන් සම්බන්ධයෙනුත් උන් වහන්සේ උපමාවකින් පෙන්වා දී තියෙන්නේ එක්තරා පුරුෂයෙක් දඹදිව යම්තාක් තණ දැව දඬු අතු අතු කොළ ආදිය වේ නම් ඒවා කපලා එකතැන කරලා දැව දඬු අඟල් 4 ක් කළ දැව දඬු අඟල් 4 කැබලිවලට කපලා මේ මගේ මව් මේ පසුගිය බවයේ මව් ආදී වශයෙන් පිළිගෙන අයින් කරද්දි ඒ පුරුෂයා ගේ මවගේ මව්වරු පරපුර ක්ශය නොවී තිබියදී ම දැව දඬු අතු කොළ ක්ෂය වෙලා අවසන් වෙලා යන බවයි.

 

මේ විදිහට බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ අති දීර්ඝ සංසාරයක් අප ගෙවමින් සිටින බවයි. තවත් අවස්ථාවක උන්වහන්සේ අහනව.. මේ සංසාරය පිළිබඳ ඔබ මොනවද හිතන්නේ කියලා …

මේ දීර්ඝ කාලයේ දී භවයෙන් භවයට සැරිසරා යද්දි ඉපදී ඉපදී යද්දි අමනාප දේ සමඟ එක් වෙන්නට සිදුවීමෙන් මනාප දෙයින් වෙන්වන්නට සිදු වීමෙන් හඬද්දී වැලපෙද්දී ඔබගේ නෙතින් වැහැරුණු යම් කඳුළක් වේ නම් ඒ කඳුළු සතර මහා සාගරයට වඩා වැඩි…

මේ සංසාරය ගමන් කරද්දී හදිසි අනතුරු වලින් වැරදි වලට දඬුවම් ලැබීමෙන් සතුරු උවදුරු වලින් නොයෙක් කරදර කම්කටොලු වලින් අපේ ශරීරය මිරිකී යද්දි ගලා ගිය ලේ දහරාව සතර මහා සාගරයට වැඩි.

එබඳු ආකාරයක ධර්මය කුයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. සංසාරයේ ස්වභාවය පැවතුනත් නො පැවතුණත් දිගින් දිගටම කෙළවරක් නැතිව යන එකක්.

 

හැබැයි ආරම්භක කෙළවරක් නැති වුණාට මෙහි අවසාන කෙළවර දකින්නට පුළුවන්. ඒ සඳහා මේ ජීවිතයේ දී ම ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කළ යුතුයි. පුහුණු කළ යුතුයි. මේ දීර්ඝ සංසාරය පිළිබඳව අවබෝධයෙන් ම කලකිරීම තමයි වටින්නේ එයින් මුළුමනින්ම නිදහස් වීමයි වටිනාම කාරණාව.

 

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here