සීදුවේ වෙඩිතැබීමෙන් එක් අයෙකු මරුට !

0
16


සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේදී ඊයේ (දෙසැම්බර් 28) සවස සිදුවූ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ එක් අයෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 53 හැවිරිදි අයෙකු බව සඳහන්.

ඊයේ සවස 05.45 ට පමණ සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසකට මෝටර් රථයකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණු අතර එහිදී බරපතළ තුවාල ලැබූ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කර තිබිණි.

එහිදී එම පවුලේ වැඩිමහල් පුත්‍රයා මියගොස් ඇත.

බරපතළ තුවාල ලැබූ 73 හැවිරිදි පියා මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් පුත්‍රයා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

නාඳුනන තුවක්කුකරුවන් පැමිණි මෝටර් රථය කටුනායක කෝවින්න ප්‍රදේශයේ ආදාහනාගාරය අසල ගිනි ගැනීමකට ලක්ව තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here