සිල් රැකීමේ අනුසස් විඳිමු – Sri News

0
6


සංසාර දුකින් තමන්ද මිදී සෙස්සන් ද මුදාලනු කැමැති බෝධිසත්වවරුන් විසින් යාචකයන්ට කරුණාව මූල්‍ව යම් දානයක් දෙනු ලැබේ ද එය ඉතා විශිෂ්ටයි.

තමාගේ ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධිය පමණක් පතා දෙන දානය මධ්‍යමයි. ලෞකික සැප පතා දෙන දානය හීනයි .එබැවින් සාධුහු නොමැළිව උත්තම විදියෙන්ම දන්දීමට පෙළඹෙති.

මනාකොට ඉන්නා අයවලුන් හට ඉහත කී ආනිසංස වඩාත් උසස් ලෙස ලැබේ. දුශ්ශීල කම් වලින් වැළකුණු මනාව සිල් රකිනා ප්‍රාණ හිංසාවෙන් වැළකුනේ නම්,අන් සත්වයන්ට අභය දානය දෙමින් …ඒ නිසාම නිදුක් බව ඇති වෙයි.එසේවූ සිල්වතා උපනූපන් තන්හි සොර සතුරන් නැති රෝග ආදි දුක් පීඩා නැති තැනැත්තෙක් වෙයි .දානයට සේම සියලු අනුසස් ශීලයෙන්ද ලැබෙයි.

ශීලය යනු ශික්ෂා පද රැකීම ද ඉන්ද්‍රිය සංවරය ද මිථ්‍යා මිථ්‍යාජීවයෙන් වැළැක්ම ද නුවණින් සලකමින් සිව්පසය වැළඳීම ද යන සතර අංගයෙන් යුක්ත වෙයි. එය පිළිවෙලින් ,සැදැහෙන්, එළැඹ සිටි සිහියෙන් ද වීර්යයෙන් ද ප්‍රඥාවෙන් ද යන සතර ගුණවලින් රැකිය යුතු වෙයි.

ඒ භාග්‍යවතුන් වහන්සේ බෝසත් සමයෙහි මූල ප්‍රණිධි වියේ සිටම  නුවණින් විමසූ සත්වයන්ට හිත දායකම දෑ වදාළා වූ පසු හැමවිටම කරුණා ප්‍රඥා දෙකින් යුක්තව ධර්මානුශාසනා කළා.

එබැවින් උන් වහන්සේ මනා තෙපුල් ඇති වුණා හැම හැටියෙන්ම අසමසම වුණා සියලු සත් ගුණයන්ට ආකාර වුණා එසේ බුදුරජාණන් වහන්සේගේ ඉතා සුළු වූ ද පැනවීම මහමෙර සේ මහත් එකක් කොට සලකා රැක යුතු වුණා. ඒ නිසාම  භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කරුණා සහගත ප්‍රඥප්තීන් හික්මීම නොතකා හැරීම කඩකිරීම මහත් දුකට හේතු වෙයි.

දක්ෂ වෛද්‍යවරයා රෝගීන්ගේ රෝග වල තත්ත්වය මැනවින්  දන්නා අතර රෝගීහු එය එතරම් දන්නේ නැත. රෝග නිවාරණය පිළිබඳ නොදනිත් එමෙන්ම සියල්ල දත් භාග්‍යවතුන් වහන්සේම සත්වයන්ගේ ක්ලේශ රෝගවල යථා තත්ත්වය මනාසේ දන්නා සේක. ඒවාට කළ යුතු ප්‍රතිකාර ද දන්නා සේක. එබැවින් භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ ප්‍රඥප්තියන් ජීවිතය සේ රැක යුතුය.

ගිහියා විසින් පන්සිල් අටසිල් ආදී ගෘහස්ථ ශීලය මනා කොට දැක්විය යුතුය. පැවිද්දා විසින් ප්‍රාතිමෝක්ෂ සීලාදි සිී සියලු සතර සංවර ශීලය රැක යුතුය. නිතර පැවැති එළඹ සිටි සිහිය ම සිල්වතාගේ ආරක්ෂකයා බවට පත්වෙනවා. එබැවින් ඇස් කන් ආදී ඉන්ද්‍රියන් ට ගොදුරුවූ රූප ශබ්ද ආදියත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බැලිය යුතුයි. එසේ බලන සිල්වත් තුමා ඒ රූපාදිය සීතල විය යුතු කිසිත් නැති නියාව මැනවින් දනී

ඔහු විසින් සිය සිරුර සොම්නස් ආදී වශයෙන් සිතේ ඇතිවන වේදනාවන් එසේම සිතේ ඇති වන චේතනා ආදී අනෙක් චෛතසිකයන් ද සිත් ද යථා තත්ත්වයෙන් ම විමසා බලමින් ඒවායේ අශුභ බව සහ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව දැක්ක යුතු වෙයි

බුද්ධ ශ්‍රාවකයන් විසින් තමන්ට හමුවන හැම අරමුණකම එළඹ  සිටි සිහියෙන් ද පිරිසිඳ දත යුතුයි .ඉන්ද්‍රිය ආලම්භන දෙකෙහි යථා තත්ත්වය  නොදක්නා අය අවිද්‍යාව මැඩලිය යුතු  යි.මෙසේ ඉන්ද්‍රිය සංවරය කරන්නා  අපායක නොවැටෙති

තමන් තුළ කිසිදු ගුණතාවයක් නැති සමහර පැවිදි පුද්ගලයින් මිනිසුන් ඉදිරියේ  ඈතට බලා ගමනෙහි යෙදෙති එය නැති සිල්වත් කමක් පෙන්වීමට කරන රැවටිල්ල කරන්නේ අසත්කාරනුවණ මිනිස්සුන්ගෙන් ගරු ලැබීමටයි එබඳු කුහකකම් වලින් සිවුපසය ලබා ගැනීම  නින්දනීයය.

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here